අලුත් වෙනසත් එක්ක රට ගොඩනැඟෙනවා කියලා විශ්වාසයි

  👤  2723 readers have read this article !
By mawbima 2018-11-09

රටක සිදුවන දේශපාලනික වෙනස්කම් සඳහා කථානායකවරයාට විරුද්ධ වීමට කිසිදු අයිතියක් හෝ මැදිහත්වීමට බලයක් නොමැති බව ලංකා සමසමාජ පක්ෂයේ ලේකම් තිස්ස විතාරණ පවසයි.

ලංකා සමසමාජ පක්ෂ මූලස්ථානයේ ඊයේ (8දා) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව පැවැසීය.

තිස්ස විතාරණ මහතා මෙසේද කීය.

අද වන විට අවුරුදු තුනහමාරක් වැරැදි මඟ ගිය ආණ්ඩුව වෙනස් කරලා තියෙනවා. රට විකුණන්න හදපු, එක පිට එක බදු පනවමින් ජනතාව පීඩාවට පත් කළ එජාපය ඉවත් කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානය අද පත් වෙලා තියෙනවා. අලුත් වෙනසක් එක්ක රට ගොඩනැඟෙනවා කියලා විශ්වාසයි. ජනාධිපතියි, අගමැතියි ඒ දේ හරියටම කරයි. ණය වෙලා, රුපියල අවප්‍රමාණය කරලා ලංකාව බංකොලොත් කළ රනිල් ඇතුළු නඩය අයින් කරලා මහින්ද අගමැති කළේ ඒකයි.

කථානායකට විරුද්ධ වෙන්න බැහැ මේ සිදු වූ දේශපාලන වෙනස්කම්වලට. 77 හදපු ව්‍යවස්ථාවේ ඉඳලා 19 වැනි සංශෝධනය වෙන තුරු සිදු වී ඇති වෙනස්කම් අධ්‍යයනය කරලායි මම මේ දේවල් කියන්නේ.

කථානායක ලැයිස්තුවෙන් ආපු කෙනෙක්. ආණ්ඩුව අයින් කිරීම, විසුරුවා හැරීමට ජනාධිපතිට බලය තියෙනවා. එතකොට කැබිනට් මණ්ඩලය වගේම අගමැතිකමත් අහෝසි වෙනවා.

ජනාධිපතිවරයා කැමැති කෙනෙක් අගමැති කිරීමටත් බලය තියෙනවා. ඉතිං කථානායකට පුළුවන් පාර්ලිමේන්තුව හසුරුවන්න විතරයි. රනිල් ඇතුළු අය ජනවාරි 8 කළ දේට සමාන දෙයක් තමයි මේ වුණෙත්.

අපි රට ගැන කැක්කුමෙන් කතා කරන්නේ. සමස්ත රටම කැමැති මහින්ද අගමැති කළාට. ඒ වගේම ජනාධිපතිට පුළුවන් පාර්ලිමේන්තුව කල් දාන්න. ඒක ඉතිහාසයේ ඕනෑ තරම් වෙලා තියෙනවා. ඒ නිසා රනිල්ගේ හා කථානායකගේ බොරුවලට රැවටෙන්න එපා කියලා අපි ජනතාවගෙන් ඉල්ලනවා.

බද්දේගම සමිත හිමි

අද ආණ්ඩුවේ සිදු වූ වෙනස ඉතාමත් වැදගත්. රටට සිදු විය යුතු වෙනස ඒකයි. හරියටම වෙනස වුණේ මහින්ද අගමැති කිරීමත් සමඟයි. ඒ නිසා දැන් රට ගැන බියක් අපට නැහැ.

නුවන් හෙට්ටිආරච්චි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon