14 වැනිදාට ආණ්ඩු පක්ෂයේ අසුන්ගෙන අපි බහුතරය පෙන්වනවා

  👤  2829 readers have read this article !
By mawbima 2018-11-09

ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා ලෙස කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීම නිසා ව්‍යවස්ථා අර්බුදයක් නිර්මාණය කරලා තියෙනවා.

මේ ප්‍රශ්නය අපිට පාර්ලිමේන්තුව තුළ විස¼දා ගැනීමට අවශ්‍ය යැයි කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හිටපු ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.

ජනාධිපතිතුමාගේ මෙම තීන්දුව පිළිගන්නේ නැති බවට අපි ලිපියකින් එතුමාට දන්වලා තියෙනවා. පාර්ලිමේන්තුවේ බහුතරයක් නැති කෙනෙක් අගමැති කළ නිසා තමයි මේ රටේ මෙම අර්බුදය ඇතිවෙලා තියෙන්නේ.

අපි ඒ පිළිබඳව ලිපියේ සඳහන් කරලා තියෙනවා. පසුගිය දිනක දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ සියල්ලම වගේ එකතු වෙලා කථානායකතුමාට අපි බහුතරය පෙන්නුවා. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරු 100ක් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරු 2ක්, මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රිවරු 7ක්, රිෂාඩ් බදුර්දීන්ගේ මන්ත්‍රිවරු 5ක් හා මනෝ ගනේෂන්, දිගම්බරම්, රාධා ක්‍රිෂ්ණන් ඇතුළු දෙමළ මන්ත්‍රිවරු 6ක් ඇතුළුව මන්ත්‍රිවරු 121ක දෙනෙක්ගේ සහාය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට තිබෙන බව අපි එදා පෙන්නුවා.

රටේ අග්‍රාමාත්‍යවරයා තවමත් රනිල් වික්‍රමසිංහ මැතිතුමායි. අපේ අමාත්‍ය මණ්ඩලය ඒ විදියටම තියේවි. පාර්ලිමේන්තුව නැවත කැඳවන්න තියෙන්නේ නොවැම්බර් 14. එදාට හෝ ඊට පෙර පාර්ලිමේන්තුව කැඳෙව්වාම ආණ්ඩු පක්ෂයේ පැත්තේ අපි අසුන් ගෙන අපේ බහුතරය අපි එදාට පෙන්වන්නත් බලාපොරොත්තු වෙනවා.
කුරුණෑගල - විජේසිංහ වැලිකන්ද

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon