දේශපාලන අර්බුද නිසා මුලතිව්වලට හා කිලිනොච්චියට විදේශීය සංචාරකයන්ගේ පැමිණීම අඩුවෙලා

  👤  2550 readers have read this article !
By mawbima 2018-11-09

වවුනියාව - රසාදි චතුරංගි ගමගේ

රටේ පවතින දේශපාලන අර්බුදයත් අයහපත් කාලගුණික තත්ත්වයත් නිසා මුලතිව් හා කිලිනොච්චි පළාත්වලට විදේශීය සංචාරකයන් පැමිණීම සම්පූර්ණයෙන්ම අඩු වී ඇතැයි මුලතිව් ප්‍රාදේශීය ලේකම් එස්. බාලකුමාර් මහතා පැවැසීය.

ගත වූ සතියේදී එකම විදේශීය සංචාරකයකු හෝ මුලතිව් පළාතට නොපැමිණි බව කී ප්‍රාදේශීය ලේකම්වරයා මුලතිව් මුහුදේ ඇති ස්වාභාවිකත්වය හා ජෛවවිවිධත්වය නිසා එම කලාපය නැරැඹීමට විදේශීය සංචාරකයන් විශාල පිරිසක් මේ කාලයට පැමිණෙන බවද කීය.

කාලගුණික අයහපත්කම වශයෙන් මේ දිනවල දක්නට ලැබෙන්නේ වර්ෂාව පමණක් බව කී ප්‍රාදේශීය ලේකම්වරයා විදේශීය සංචාරකයන් එහි නොපැමිණීමට හේතුව වර්ෂාවට වඩා රට තුළ හදිසියේම හටගත් දේශපාලන අර්බුදය නිසා යැයි පැවැසීය.

ලෝකයේ බොහෝ රටවල් තම සංචාරකයන්ට මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම අනතුරුදායක විය හැකි බවට නිවේදන නිකුත් කිරීම මේ තත්ත්වයට බෙහෙවින් බලපා ඇතැයිද ඔහු කියා සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon