ජනවාරි 8 වෙනස සිදුකිරීමට නොහැකි වූ නිසා රනිල් විපක්ෂයේ අසුන් ගත යුතුයි -එක්සත් ලංකා ජනතා පක්ෂය

  👤  2648 readers have read this article !
By mawbima 2018-11-09

දෙනගම ධම්මික රණවීර

රටේ ආර්ථික කළමනාකරණය, විදේශ ප්‍රතිපත්තිය, සැබෑ සංහිඳියාව ඇතුළු ජනවාරි 8 ජනතාව බලාපොරොත්තු වූ වෙනස සිදු කිරීමට අපොහොසත් වූ බව තේරුම් ගෙන රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂයේ අසුන් ගත යුතුව ඇතැයි එක්සත් ලංකා ජනතා පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. එම පක්ෂයේ නායක නිහාල් ප්‍රේමකුමාර මහතාගේ අස්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක් මඟින් මෙසේද සඳහන් කරයි. පසුගිය කාලය මුළුල්ලේම රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියාකලාපය ජනාධිපතිවරයා විසින් විවේචනය කළ නමුත් නිවැරැදි වීමට කිසිදු ඕනෑකමක් රනිල් වික්‍රමසිංහ මහතාට නොමැති වූ බවත් එම නිවේදනයේ සඳහන්ය.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නොවන්නට රනිල් වික්‍රමසිංහ මහතාට මෙපමණ කලක් හෝ අගමැති ධුරයේ රැඳී සිටින්නට අවකාශ නොලැබෙන බව සඳහන් කරන එම පක්ෂය දැන් හිටපු අගමැතිවරයාට තිබෙන විකල්ප වන්නේ ශේ‍ර්ෂ්ඨාධිකරණයට යෑම හෝ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අවශ්‍ය තුනෙන් දෙකක බහුතරය ලබා දී සැබෑ ජනමතය උරගා බැලීමට සහාය දීම බවත් එම නිවේදනයේ දක්වා තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරමින් අරලියගහ මන්දිරය රස්තියාදුව සඳහා යොදා ගෙන ඇති බවද පෙන්වා දෙන එම පක්ෂය මෙවැනි රාජ්‍ය විරෝධී ක්‍රියා නිසා ජාත්‍යන්තරයට ශ්‍රී ලංකාව ගැන වැරැදි චිත්‍රයක් මැවෙන බවද එම නිවේදනයෙන් පෙන්වා දී ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon