පසුගිය රජයේ ටොප්ටෙන් ඇමැතීන් ගැන පරීක්‍ෂණ කඩිනමින් පවත්වන්න-මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ

  👤  1115 readers have read this article !
By mawbima 2018-11-08

රුචිර දිලාන් මධුශංඛ

පසුගිය රජයේ ඇමැතිවරුන් දසදෙනකුට (ටොප් ටෙන්) විරුද්ධව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව වෙත කර ඇති පැමිණිලි සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණ පවත්වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

මෙසේ චෝදනා ලැබ සිටින හිටපු ඇමැතිවරු විවිධ කටකතා පතුරුවමින්, ආණ්ඩුව අස්ථාවර කිරීම සඳහා ජනතාව කුලප්පු කරන බව මන්ත්‍රිවරයා මෙහිදී කරුණු දක්වා ඇත. එබැවින් "ටොප්ටෙන්" ඇමැතිවරු සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර ඇති පැමිණිලි විභාග කිරීම කඩිනම් කිරීමට කටයුතු කරන්නැයි මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉල්ලා ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon