ලංගම-පෞද්ගලික කොන්‍ෙදාස්තරලා දෙදෙනෙක් ගුටි කෙළගෙන

  👤  1115 readers have read this article !
By mawbima 2018-11-08

කොළඹ - එම්.සී. පෙරේරා

බස් කොන්‍ෙදාස්තරවරුන් දෙදෙනකු අතර බණ්ඩාරගම නගරයේදී වූ ගුටි බැට හුවමාරුවෙන් පසු පෞද්ගලික බස් කොන්‍ෙදාස්තරවරයා ලංගම බස් කොන්‍ෙදාස්තරවරයාට රුපියල් පන්දහසක මුදලක් ගෙවා සමථයකට පත් වූ බව බණ්ඩාරගම පොලිසිය කියයි.

එම ගුටිබැට හුවමාරුවෙන් පසු තුවාල ලැබූ ලංගම බස් කොන්‍ෙදාස්තරවරයා කළුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන අතර පෞද්ගලික බස් රථ කොන්‍ෙදාස්තරවරයා පානදුර මූලික රෝහලට ඇතුළත්ව සිටි බව පොලිසිය කියයි.

බණ්ඩාරගම සිට කළුතර දක්වා 03 වැනිදා රාත්‍රි ධාවනය වීමට නියමිතව තිබූ ලංගම බස් රථයක් පිටත් වීමට විනාඩි කිහිපයක් තිබියදී බස් රථය අසලට පැමිණි පෞද්ගලික බස් රථයේ කොන්‍ෙදාස්තරවරයා 'මොරන්තුඩුව'ට යැයි කෑගසා තිබේ. ඒ සමඟ ලංගම බස් රථයේ මොරන්තුඩුව දක්වා ගමන් කිරීමට සිටි මගීන් එයින් බැස පෞද්ගලික බස් රථයට ගොඩ වී තිබේ. ඒ සමඟ කොන්‍ෙදාස්තරවරුන් අතර ගුටිබැට හුවමාරු වී ඇතැයි පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක කෞශල්‍ය නාකන්දල මහතා කොන්‍ෙදාස්තරවරුන් දෙදෙනාම ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක කේ.ඩබ්ලිව්.එල්. නාකන්දල මහතා හමුවට ඉදිරිපත් කළේය. පසුව පෞද්ගලික කොන්‍ෙදාස්තරවරයා ඇමැතූ ස්ථානාධිපතිවරයා දැඩි ලෙස අවවාද කළේය.

මුදල්වලින් නීතිය යටපත් කරගන්න බැහැ. එම නිසා යහපත් කල්ක්‍රියාවෙන් කොන්‍ෙදාස්තර සේවාව කළ යුතුයි. දාමරිකකම්වලට මින්පසු ඉඩ තබන්න එපා යැයි දැඩි ලෙස අවවාද කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon