ඩී.ඒ. රාජපක්‍ෂ ගුණ සමරුව වෙනුවෙන් දානමය පින්කම මැදමුලනදී

  👤  1108 readers have read this article !
By mawbima 2018-11-08

තංගල්ල - සහම්පති මානගේ

දිවංගත ඩී.ඒ. රාජපක්‍ෂ මහතාගේ පනස් එක් වැනි ගුණ සමරුව වෙනුවෙන් හා දන්දිනා සමරසිංහ දිසානායක මැතිනිය වෙනුවෙන් ඊයේ (07දා) දානමය පින්කමක් සහ පෙරේදා (06දා) රාත්‍රි ධර්ම දේශනා වැඩසටහනක් වීරකැටිය මැදමුලන නිවෙසේදී සිදු කෙරිණි.

රාවණා බලය සංවිධානයේ කැඳවුම්කරු වන ඉත්තෑකන්දේ සද්ධාතිස්ස ස්වාමීන් වහන්සේ විසින් පෙරේදා (06දා) රාත්‍රි ධර්ම දේශනාව කරන ලදී.

හම්බන්තොට දිස්ත්‍රික්කය පුරා විහාරස්ථානයන්හි විහාරාධිපති හිමියන් ඇතුළු භික්ෂුන් වහන්සේ හැටනමක් සඳහා ඊයේ (07දා) දහවල් දානය පිරිනැමිනි.

හිටපු කථානායක චමල් රාජපක්‍ෂ මහතා විසින් කරඬුව වැඩම කරවූ අතර ප්‍රංශයේ ජේතවනාරාම විහාරයේ විහාරාධිපති මුරුංගාගස්යායේ ඥානිස්වර ස්වාමීන් වහන්සේ විසින් ධර්මදේශනාව සහ පැන්වැඩීම සිදු කළහ.

මේ අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ, හිටපු කථානායක චමල් රාජපක්ෂ, ශිරන්ති රාජපක්‍ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ජී.එල්. පීරිස්, නාමල් රාජපක්‍ෂ මහතා ඇතුළු පවුලේ ඥාතීන් පිරිසක් සහභාගි වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon