ජාතික තරුණ සේවා සභාවේ නව සභාපති වැඩ භාර ගනී

  👤  1111 readers have read this article !
By mawbima 2018-11-08

පහන් විජේසේකර

ජාතික තරුණ සේවා සභාවේ නව සභාපති/අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් පත් කොට ඇති මනුල චමල් පෙරේරා මහතා අභිනව ධුරයේ වැඩභාර ගැනීම ඊයේ (7දා) කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ, වාරිමාර්ග ජල සම්පත් හා ආපදා කළමනාකරණ කටයුතු පිළිබඳ අමාත්‍ය දුමින්ද දිසානායක, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය යන මහත්වරුන් ඉදිරිපිටදී මහරගම ජාතික තරුණ සේවා සභාවේ සභාපති /අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලයේදී සිදුවිය.

මනුල චමල් පෙරේරා මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේ, පෞද්ගලික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරයා
මෙන්ම, ජාතික තරුණ සේවා සභාවේ හිටපු පාලන අධ්‍යක්ෂවරයකුද කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී විශේෂවේදී උපාධිධාරියකු සහ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ (ඉඹ්ධ්ච්ඒ) රාජ්‍ය කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිධාරියකු, ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ඩිප්ලෝමාධාරියකු, (ඕඛ්ධ්ඉ) ජනමාධ්‍ය පිළිබඳ ඩිප්ලෝමාධාරියකු (උඍඛ්) මෙන්ම, ජගත් තරුණ නෞකා වැඩ සටහන් ශ්‍රී ලංකා රජයේ නියෝජිතයා වශයෙන්ද වසර 5ක කාලයක් කටයුතු කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon