සෞඛ්‍ය අමාත්‍යාංශ මාධ්‍ය ඒකකයේ ‍ෙදාර කඩා ඇතුළු වී පරිගණක හා ලිපිගොනු කීපයක් ගෙන ගිහින්

  👤  1190 readers have read this article !
By mawbima 2018-11-08

කමල් මහේන්ද්‍ර වීරරත්න

සෞඛ්‍ය අමාත්‍යාංශ මාධ්‍ය ඒකකයේ ‍ෙදාරගුළු කඩා එයට ඇතුළු වී ඇති කණ්ඩායමක් විසින් එහි තිබූ පරිගණක ඇතුළු දත්ත ගබඩා කරනු ලබන මෙවලම් හා ලිපිගොනු කිහිපයක් ගෙන ගොස් ඇති බැව් අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් 'මව්බිම'ට පැවැසීය.

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්වීමෙන් පසු රාත්‍රි කාලයේ අමාත්‍යාංශයට හොර රහසේ ඇතුළු වී ඇති මෙම කණ්ඩායම සුඛෝපභෝගී රථයකින් පැමිණ මෙම සොරකම සිදුකර ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආරක්ෂක අංශයට මෙය සැලවීමත් සමඟ ඔවුන් පැමිණ සිදුව ඇති සිද්ධිය හා එමඟින් රාජ්‍ය දේපොළවලට සිදුකර ඇති අලාභහානිය ගැනද පොලිසියට පැමිණිලි කිරීමට කටයුතු කර ඇති බවද ඔහු හෙළි කළේය.

අමාත්‍යාංශ ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේ ඇමැතිවරයා මාරු වී ගිය විට මාධ්‍ය ඒකකයේ නිලධාරි මණ්ඩලයද වෙනස් වන නමුදු එහි ඇති උපකරණ කිසිවක් එලෙස මාරු වී යන නිලධාරීන් විසින් රැගෙන යෑමක් මෙතෙක් කිසිදු අවස්ථාවක සිදුව නැති බවත් නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයා මාරු වී යන අවස්ථාවේදීද සිදුවූයේ එම මාධ්‍ය ඒකකයේ නිලධාරි මණ්ඩලය වෙනස් වන අවස්ථාවේදී අලුතින් පැමිණි නිලධාරි මණ්ඩලයට එම බඩු බාහිරාදියත් සියලුම උපකරණ හා සී.ඩී. තැටි ලිපිගොනු ආදී සියල්ලද භාරදී යෑම බවත් කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශ මට්ටමෙන් පරීක්ෂණයක් ආරම්භ කොට ඇති බවද මොහු ප්‍රකාශ කෙළේය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon