සෝමාවතිය පුදබිම මාර්ගයේ මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් කිලෝමීටර් 2ක් පමණ ජලයෙන් යටවෙලා

  👤  1188 readers have read this article !
By mawbima 2018-11-08

හිඟුරක්ගොඩ - ප්‍රියා

සෝමාවතිය පුදබිම් මාර්ගය මහවැලි ගඟ පිටාර ගැලීමෙන් කිලෝමීටර් දෙකක් පමණ ජලයෙන් යටවීම නිසා ඊයේ (7දා) පස්වරුවේ සිට එම මාර්ග වසා දමා ඇති බව පුලස්තිපුර පොලිසිය කියයි.

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ වැව් සහ ජලාශ වාන් දැමීම හේතුවෙන් එම ජලය මුදාහැර ඇත්තේ මහවැලි ගඟට බැවින් ගඟේ ජල මට්ටම ඉහළ යෑම නිසා සෝමාවතිය පුදබිම මාර්ගයේ තැඹිලි කෝම්බ වංගුවේ සිට දිග්ගල වංගුව දක්වා ප්‍රදේශය අඩි තුනක් පමණ කිලෝමීටර් දෙකක් ජලයෙන් යට වී ඇත.

සෝමාවතිය පුදබිම වැඳපුදා ගැනීමට පැමිණ සිටි බැතිමතුන්ද ඉන් ඉවත් කර පිටත් කළ බවත් නැවත ජලය බැස යන තුරු කිසිවකුට සෝමාවතිය පුදබිම් මාර්ගයට ඇතුළුවීමට අවසර නොදෙන අතර එම මාර්ගය මේ වන විට විවෘතව ඇත්තේ පොළොන්නරුවේ සිට සුංගාවිල දක්වා පමණක් බව ලක්වාසී ජනතාවට පුලස්තිපුර පොලිසිය දන්වා සිටී.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon