විගී දෙමළ සන්ධානයෙන් ඉබේම හැලිලා : විනය ක්‍රියාමාර්ග ඕනෑ නෑ -මාවෙයි සේනාධිරාජා

  👤  1106 readers have read this article !
By mawbima 2018-11-08

ලක්ෂ්මී ජයකොඩි

උතුරු පළාත් හිටපු මහ ඇමැති සී.වී. විග්නේශ්වරන් මහතා ඉලංකෙයි තමිල් අරසු පක්ෂයෙන් නිරායාසයෙන්ම ඉවත්ව ඇති බව එම පක්ෂයේ නායක මාවෙයි සෙනාධිරාජා මහතා පවසයි.

විග්නේශ්වරන් මහතා තමිල් මක්කල් කුට්ටනි නමින් නව දේශපාලන පක්ෂයක් ස්ථාපිත කිරීමත් සමඟ ඔහු තමිල් අරසු පක්ෂයෙන් ඉවත්වීම සිදුවන බවද ඔහුට එරෙහිව විනයානුකූල ක්‍රියාමාර්ග පක්ෂය විසින් නොගන්නා බවද සේනාධිරාජා මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කොට තිබේ.

කෙසේ වෙතත් මේ පිළිබඳ "මව්බිම" උතුරු පළාත් හිටපු මහ ඇමැති සී.වී. විග්නේශ්වරන් මහතාගෙන් කළ විමසීමේදී ඔහු සඳහන් කළේ තමන් ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේ මහ ඇමැති ධුරය ලැබූ වසර පහක කාලයක් සඳහා පමණක් බවත් තම ධුර කාලය අවසන්වීමත් සමඟ තමන්ට දෙමළ ජාතික සන්ධානය හා තිබූ සියලු සබඳතා අවසන් වන බවත්ය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon