ලක්‍ෂ අනූවක රන්මාල පැලඳගෙන සිංගප්පූරුවෙන් ආ ව්‍යාපාරිකයා ගුවන්තොටේදී අත්අඩංගුවට

  👤  2445 readers have read this article !
By mawbima 2018-11-08

කටුනායක - ගයා තිරිමාදුර


නීති විරෝධී ලෙස රැගෙන යෑම සඳහාම විශේෂයෙන්ම සකස් කළ ස්වර්ණාභරණ තොගයක් සිංගප්පූරුවේ සිට මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියකු පෙරේදා (06දා) කටුනායක ගුවන්තොටුපළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. මොහු 46 හැවිරිදි මහනුවර ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි.


පෙරේදා දහවල් 11.00ට සිංගප්පූරුවේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ මොහු කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති 'හරිත මාවත' ඔස්සේ ගුවන්තොටුපළෙන් පිටව යමින් සිටියදී රේගු නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.


ඔහු මෙම රන් මාල තොගය සිය ගෙලෙහි පැලඳ ගෙන සහ තමන් හැඳ සිටි කලිසමේ සාක්කුවල සඟවා ගෙන සිටි බැව් රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න පැවැසීය. එහි රුපියල් අසූනව ලක්‍ෂ, අනූ අටදහස්, හත්සිය හතළිහක් වටිනා කිලෝ 01යි ග්‍රෑම් 500ක් පමණ බර රන් මාල තොගයක් තිබූ බවද පැවැසීය.


මේ අත්අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳව විමර්ශන කටයුතු ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් ස්ටැන්ලි සේනාරත්න මහතාගේ උපදෙස් මත කටුනායක ගුවන්තොටුපළ රේගු අධ්‍යක්‍ෂ එම්.ඒ. කරුණාරත්න මහතාගේ අධීක්‍ෂණයෙන් නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ එච්.ඩබ්ලිව්.සී. දිසානායක, රේගු අධිකාරිවරුන් වන රංජිත් ප්‍රනාන්දු, ආර්.පී. තිලකරත්න සහ සහකාර රේගු අධිකාරි සඳුන් බටගොඩ යන මහත්වරුන් විසින් සිදු කරමින් සිටිති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon