හෝටල් පරිශ්‍රයේ වූ ජලාශයේ බෝට්ටුව පෙරළී සිසුවකු ජීවිතක්ෂයට

  👤  2432 readers have read this article !
By mawbima 2018-11-08

කුලියාපිටිය - ආර්.ඒ. විමලරුවන්,වඩුමුන්නේගෙදර - තිළිණි පවිත්‍රා


වල්පිටගම, වඩුමුන්නේගෙදර ප්‍රදේශයේ හෝටල් භූමියේ වූ කුඩා ජලාශයක දිය නා විනෝදවීමට ඉකුත් 6දා එහි ගිය කුලියාපිටිය සාරානාත් මහ විදුහලේ 13 වසර පන්තියේ 11 දෙනකුගෙන් යුතු සිසු පිරිසේ එක් සිසුවකු එම ජලාශයේ බෝට්ටුවක් පදිමින් සිටියදී බෝට්ටුව පෙරළී දියේ ගිලී මියගොස් ඇතැයි කුලියාපිටිය පොලිසිය පවසයි.
මෙම ඛේදවාචකයෙන් මරුමුවට පත්ව ඇත්තේ ජේ.ඒ. ශානුක දිල්ශාන් ජයසිංහ නමැති සිසුවෙකි.


මෙම සිසු පිරිසේ සියල්ලන්ම පිහිනීමට හැකියාවක් නැත්තවුන් බවද පැවැසේ.


හෝටලයේ පිහිනුම් තටාකයේ ජල ක්‍රීඩා කිරීම හා ෆ්‍රයිඩ් රයිස් ඇතුළු දිවා ආහාර සඳහා සිසු පිරිස එක්ව රුපියල් 12,000ක මුදලක් හෝටලයට ගෙවා ඇති අතර හෝටලයට පැමිණෙන විට බියර් බෝතලයක් හා විදේශීය මත්පැන් බෝතලයක්ද රැගෙන විත් ඇති සිසුන්, සිවු දෙනකු හැර අනෙක් සිසුන් මත්පැන් පානය කොට ඇති බවද මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිව ඇතැයි පොලිසිය පවසයි.


මෙම මරණ පරීක්ෂණයේ සාක්කි විභාගය කුලියාපිටිය නාගරික හදිසි මරණ පරීක්ෂක එන්.පී. හෙට්ටිගමගේ මහතා විසින් හා කුලියාපිටිය රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් ජයසේන මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon