කරුගෙයි චම්පිකගෙයි ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයෙන් රටට වැඩක් නෑ

  👤  2733 readers have read this article !
By mawbima 2018-11-08

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නීතියට අනුකූල නොවන අයුරිනුත් අරලියගහ මන්දිරයේ සිටිමින් රාජ්‍ය දේපළ සාවද්‍ය පරිහරණයක් සිදු කරන බවත් චම්පික රණවක හිටපු ඇමැතිවරයා බලෙන් තමා හිටපු අමාත්‍යාංශයට ඇතුළු වී රාජ්‍ය දේපළ සාවද්‍ය පරිහරණයක් සිදු කර ඇති බවත් ඇමැතිවරුන්ගේ ලේකම් සංගමය පසුගියදා කොළඹ 03 කොල්ලුපිටියේ පැවැති මාධ්‍ය හමුවකදී සංගමයේ සම සභාපති කීර්ති ශ්‍රී වීරසිංහ පැවැසීය.


එහිදී රණසිංහ මහතා මෙසේද කීය.


හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග තමා හිටපු අමාත්‍යාංශයට ඇතුළු වී රාජ්‍ය දේපළ සාවද්‍ය පරිහරණයක් සිදුකළා සේම මිනිස් ඝාතනයකට මඟ කැඳවාගත් බවත්, මෙම වැරැදිවලට එරෙහිව වහාම නීතියෙන් කටයුතු කළයුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාටත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාටත් අප සංගමය යෝජනා කර තිබෙනවා.


මෙම වැරැදිවලට වහාම නීතියෙන් කටයුතු කළ යුතුවා සේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ පත්වීම් නොලද හිටපු ඇමැතිවරුන් එසේ සිදු කරන්නේ නම් ඒ අයටද වහාම නීතිය ක්‍රියාත්මක කළයුතු බවද සංගමයේ සම සභාපතිවරයා මාධ්‍යට පැවැසීය. එසේම අමාත්‍යවරුන්ගේ හිටපු ලේකම්වරුන්ද රාජ්‍ය දේපළ තනතුරක් නොමැතිව සාවද්‍ය ලෙස පරිහරණය කරන්නේ නම් ඒ අයටද නීතිය ක්‍රියාත්මක කළයුතුයි. දේශපාලන පෙරළියත් සමඟ රටේ පිහිටුවා තිබෙන රාජ්‍ය සංස්ථා අධිකාරි, ව්‍යවස්ථාපිත මණ්ඩලවලට සමහරුන් කිසි තනතුරක් නොලබා නීතියට අනුකූල නොවන ලෙස ඇතුළු වී කට වචනයට එම ආයතනවල සේවය කිරීමක් දක්නට ඇත. එයද වැරැදි ක්‍රියාවක් වන අතර මේ සඳහාද නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.


අමාත්‍යවරුන්ගේ ලේකම් සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් ජයසුන්දර,


රට තුළ උද්ගත වී තිබුණු ආර්ථික අර්බුදය හමුවේ රට විශාල අගාධයකට ගොස් තිබුණු කාලයක මෙම පෙරළිය කළ ජනපතිට අප ස්තුතිය පළකරනවා.
අමාත්‍යවරුන්ගේ ලේකම් සංගමයේ සුමිත් ගල්හේන මහතා,


හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතා තමා සේවය කළ අමාත්‍යාංශයට බලයෙන් ඇතුළු වී වැඩ ආරම්භ කර ඇති අතර ඒ තුළින් ඊනියාවාදී ප්‍රජාතන්ත්‍රවාදයක් ජනතාවට පෙන්වන්න හදනවා. එමෙන්ම ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කර තිබියදී කථානායක කරු ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන වුවමනාවන්ට අනුව වැඩ කරමින් සිටිනවා.
ආරියරත්න ගනේගොඩ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon