අනුර කුමාරලාට අවශ්‍ය රනිල්ව රැකගන්නයි

  👤  2437 readers have read this article !
By mawbima 2018-11-08

1971දී හා 1989දී මෙරට ප්‍රජාතන්ත්‍රවාදය නැති කරපු ජනතා විමුක්ති පෙරමුණ අද ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කිරීම විහිළුවක් බවත්, පළාත් සභා ඡන්දය පවත්වන්නේ නැතිව කල් දැමීමට රනිල් වික්‍රමසිංහ මහතාගේ වුවමනාව ඉෂ්ට කළේ අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ බවත් රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ජානක වක්කුඹුර පැවැසීය.


ඔහු එසේ පැවසුවේ පසුගියදා රත්නපුර පල්ලේගෙදර ශ්‍රී සුමන විහාරස්ථානයේ පැවැති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි. මන්ත්‍රිවරයා මෙසේද පැවැසීය.
පළාත් සභා මැතිවරණ වසරකින් කල් දැමීමට පාර්ලිමේන්තුවේ 2/3ක ඡන්දයක් අවශ්‍ය වෙලාවේදී 150ක් නැති අවස්ථාවේදී අනුර කුමාර දිසානායක ඇතුළු 6 දෙනා ඡන්දය දීලා මැතිවරණය කල්දාන්න උදවු කළා. එදා 2/3ක ඡන්දයක් නොලැබුණා නම් එම පනත පැරදිලා. මේ වන විට පළාත් සභා සියල්ලකම ඡන්දය පවත්වලා අවසන් කරන්නත් තිබුණා. මේ වන විට සබරගමුව ඇතුළු පළාත් සභා 3ක වසරයි මාස තුනකින් ඡන්දය කල් ගිහින් තිබෙනවා.


ඒ ප්‍රජාතන්ත්‍රවාදය අනුර කුමාරට අමතක වෙලා. ඒ අයට වුවමනා වෙලා තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය රකින්න නොවෙයි. රනිල් රකින්න. අපි ආණ්ඩුව ගත්ත නිසා එක්සත් ජාතික පක්‍ෂය විපක්‍ෂයට යනවා. එහෙම වුණාම අනුර කුමාරට විපක්‍ෂ සංවිධායකකමයි, සම්පන්දන්ට විපක්‍ෂනායකකමයි දෙකම නැති වෙනවා. ඒ නිසා තමයි ඔවුන් රනිල් තියාගන්න හදන්නේ.
රංගේ බණ්ඩාරට සල්ලි දීලා ආණ්ඩුවට ගන්න හැදුව බවට එයා මාධ්‍යයට පවසා තිබුණා. ඒක පට්ටපල් බොරුවක්. එහෙම කවුරු හරි කිව්වා නම් එයාට තියෙන්නේ මාධ්‍ය සාකච්ඡා තිය තියා ඉන්න නොවෙයි. ඔහුට විරුද්ධව අල්ලස් දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් දාන එක විතරයි. හිටපු පොලිස් නිලධාරියෙක් නිසා ඒක ඔහු හොඳින්ම දැන ගන්න ඕනි. ඔය කරන්නේ ජනතාව මුළා කිරීමක්.
කුරුවිට - කේ.ඒ.එස්. පියතිලක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon