මේ විදිහට ගියොත් ලේ වැගිරෙන්න ඉඩ තිබෙනවා

  👤  2486 readers have read this article !
By mawbima 2018-11-08

ජනාධිපතිගේ අත්තනෝමතික ක්‍රියා කලාපය නිසා අද වන විට මේ රට බරපතළ ව්‍යාකූල තත්ත්වයකට පත්ව තිබෙන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන කිසිදු සැලකිල්ලකින් තොරව නීති විරෝධී අගමැතිවරයකු පත්කිරීම මේ රටේ කීර්තියට හානියක් වූ බවත් හැඩිගල්ලේ විමලසාර හිමියෝ පැවැසූහ.


ජනාධිපතිතුමාගේ ක්‍රියා කලාපය ව්‍යවස්ථා විරෝධීයි. සදාචාර විරෝධීයි. ජනාවාරි 8 ව්‍යාපාරයට එරෙහිව යෑමක්. ලෝකයේ සංචාරය කරන්නට හොඳම රට ලෙස නම් කළ ශ්‍රී ලංකාවට අද එන්න එපායි ජාත්‍යන්තරය කියනවායි උන්වහන්සේ කීහ.


උන්වහන්සේ මෙසේ පැවැසුවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික සඟ සමුළුවට සහභාගි වෙමිනි. කොළඹ විහාර මහාදේවි උද්‍යානය අසලින් පෙරේදා (06දා) වැඩම කළ මහ සංඝරත්නය කොළඹ නව නගර ශාලාවට පැමිණීමෙන් අනතුරුව මේ සඟ සමුළුව පැවැත්විණි.


හැඩිගල්ලේ විමලසාර හිමියෝ මෙසේද පැවැසූහ.


19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනාධිපතිතුමා උල්ලංඝනය කර තිබෙනවා. ව්‍යවස්ථා විරෝධී මේ ක්‍රියාකලාපය හමුවේ මහ සංඝරත්නයේ වගකීම ව්‍යවස්ථාපිතව කටයුතු කිරීමට බලපෑම් කිරීමයි.


අගමැතිගේ ප්‍රතිපත්ති සමඟ තම ප්‍රතිපත්ති නොගැළපෙන නිසා වුවත් අගමැතිවරයා ඉවත් කළ නොහැකියි. බහුතරය දිනා ගන්නා කණ්ඩායම ආණ්ඩුව පිහිටුවිය යුතු වුවත් සුළුතරය විසින් ආණ්ඩුවක් පිහිටුවා දැන් බහුතරය සොය සොයා සිටිනවා.


එක් එක් මැතිවරණවල අරමුණු වෙනස්. ඒ නිසා පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලවලින් මහ මැතිවරණ ජනමතය යට වෙන්නේ නැහැ. පළාත් පාලන මැතිවරණය 2018 ප්‍රතිඵලවලින් 14%ක ජනවරමක් ගත්තා කියලා ජනාධිපති ධුරය හෝ එහි බලතල අඩු වෙන්නේ නැහැ.


ධර්මය කේන්ද්‍ර කොටගෙන රාජ්‍ය පාලකයන් කටයුතු කළ යුතුයි. ඒක අද ජනාධිපතිතුමාට අමතක වෙලා.
බෝපිටියේ ධම්මිස්සර හිමි,


එදා අපි මහින්ද රාජපක්‍ෂ පාලන යුගයේ දුර්දාන්තකම මතක් කරන්න රට වටේ ගියා. අදත් ඒ අය ව්‍යවස්ථානුකූල නොවන ආකාරයට පාලනය කරන්න හදන විට දෙවියෝ කෝප වෙලා ධාරානිපාත වර්ෂාවක් පතිත කළා.


රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා පන්සල් 1500ක් ගොඩනඟන්න ලක්ෂ 5ක් බැගින් දුන්නා. එවැනි දෙයක් ඉතිහාසයේම සිදු වෙලා නැහැ. යහපාලන ආණ්ඩුව බලයට පත් කරන්න මහ සංඝරත්නය ආශීර්වාද කළා. ඒත් අද ඇති කොට තිබෙන ඒකාධිපති වියරුවට එරෙහිව සටන් කරනවා.


මුරුතවෙල සුමනජෝති හිමි,
අද මුළු රාජ්‍ය තන්ත්‍රයම අකර්මණ්‍ය වෙලා. එක එක්කෙනාගේ ඕනෑ එපාකම් අනුව ක්‍රියාත්මක වෙනවා. මේ තත්ත්වය තවදුරටත් තිබුණොත් ලේ වැගිරීමකින් තමයි කෙළවර වෙන්නේ.


මෛත්‍රිපාල මහත්තයාට ජයග්‍රහණය කරවන්න කී දෙනකුට නම් වෙඩි කාලා මැරෙන්න වුණාද කියලා මතක නැද්දයි අපි ජනාධිපතිතුමාගෙන් විමසනවා. ජනාධිපතිතුමා ජනතා පරමාධිපත්‍යයට ගරු කළාද කියලා තමාගෙන්ම ඇසිය යුතුව තිබෙනවා.


ජනාධිපතිතුමා සමනල්ලු ගැන කිව්වා. ඒත් සමනල්ලු බඹරු නොකොට පාර්ලිමේන්තුව කැඳවලා මේ ප්‍රශ්නය විස¼දා ගත යුතු වෙනවා. ශාසන උන්නතිය වෙනුවෙන් ලක්‍ෂ 3000ක් පසුගිය කාලයේ විහාරස්ථානවලට දුන්නා ඒක නොකියා ඉන්න අපට බැහැ.


පස්සරමුල්ලේ දයාවංශ හිමි,
රටේ නායකයා වැරැදි පාරක යන විට ඒක නිවැරැදි කිරීම භික්ෂුවගේ ඓතිහාසික වගකීමක්. ඒ වගකීම ඉටු කිරීමට පක්ෂ භේදයෙන් තොරව භික්ෂුන් වහන්සේ එක් වී සිටිනවා.
දඹර අමිල හිමි,


‍ෙදාන් ජුවන් ධර්මපාල රජු රට පෘතුගීසීන්ට පාවා දුන්නා මෙන් මෛත්‍රි සිරිසේන ජනාධිපතිවරයා හැට දෙලක්‍ෂයේ ජනවරම පාවා දුන්නා.


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාත් ජනාධිපතිවරයාට කියා තිබෙනවා පාර්ලිමේන්තුව කැඳවලා මේක විස¼දා ගන්න කියලා. අපි එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිවලට එකඟ වෙලා අස්සන් කොට තිබෙනවා. ඒත් ඒවා ගණන් නොගෙන ඒකාධිපති ගමනක් යනවා.


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ආධාර නොදෙන බව කියා තිබෙනවා. ජී.එස්.පී. සහනය ආපසු ලැබුණෙ නැති වූ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කළ නිසයි. දැන් ඒක ආයෙත් නැති වෙන බවට ලකුණු පහළ වෙලා. චණ්ඩි පාට් දාලා ඒවා ලබාගන්න බැහැ.


19 සංශෝධනය ගෙනාපු කෙනා ආයෙත් 18 සංශෝධනය දක්වා ගිහින් කැලේ නීතිය අනුව පාලනය කරනවා. ඒ ගැන කතා කරන්න තිබෙන පාර්ලිමේන්තුවත් වසා දැම්මා.
ඔය කියන ඊනියා අගමැතිවරයාට මොළේ තියෙනව නම් ඒක කරන්න කියල අපි අභියෝග කරනවා. මේක කරන්න පෙළ ගැසුණෙ හදිස්සියේ නෙවෙයි. මාස තුනක හතරක ඉඳලා ඊට පෙළ ගැසුණා.


අපි වෙනුවෙන් රට නියෝජනය කරන මේ මිනිහා ජාත්‍යන්තරයට බොරු කියනවා. මහ රජෙක් මැදමුලනෙ ජනේලෙ එල්ලූ අපිට පඹයෙක් පොළොන්නරුවෙ වෙලක සිටුවන එක කජ්ජක් නොවෙයි.


අද රාජ්‍ය ආයතනවලට මැරයො පැනලා. ඒ වගේම නීතිපති දෙපාර්තුවේ ෆයිල් ටික හොරකම් කරන්න හදනවා.
රනිල් වික්‍රමසිංහ හරහා ආයෙත් ජනාධිපතිවරණයට එන්න මොහු උත්සාහ කළා. ඒක බැරි වුණාම තමයි මේ කුපාඩි වැඩේ කළේ.


මරණ තර්ජන නිසා අගමැති ඉවත් කළා කියන සිරිසේන මාස 8කට පෙර කරු ජයසූරියටයි, සජිත් ප්‍රේමදාසටයි අගමැති තනතුර දෙන්න ආරාධනා කළා.
මොහු රටට සතුරු ජනාධිපතිවරයෙක්. මහින්ද රාජපක්ෂ කියන්නෙත් රටේ කීර්තිනාමය විනාශ කළ අයෙක්. මේ දෙදෙනාම එකට තියලා පරද්දන්න ඕන.
සමහරු කියනවා අධිකරණයට යන්න ඕන කියලා. එතැනට ගියත් කියන්නෙ පාර්ලිමේන්තුවට යන්න කියලා. ඊට පසුව එතැනදි දෙන විසඳුම ජාත්‍යන්තරය පිළිගනීවි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon