අධික වර්ෂාවත් සමඟ කිරළව පාලම අසල විශාල ගස් දෙකක් ගැලවී දඹුලු ඔයට වැටේ

  👤  2397 readers have read this article !
By mawbima 2018-11-08

මඩාටුගම - ප්‍රසංග ඒකනායක


මඩාටුගම ආ¾ඩියාගල ප්‍රධාන මාර්ගයේ දඹුලු ඔය හරහා ඉදිකර ඇති කිරළව පාලම අසල තිබූ විශාල ප්‍රමාණයේ ගස් 02ක් පෙරේදා (06දා) රාත්‍රියේ දඹුලු ඔයට වැටී තිබේ.
පවතින වර්ෂාවත් සමඟ දඹුලු ඔයේ ජල මට්ටම තරමක් ඉහළ යෑමත් සමඟ ඛාදනයට ලක්ව ඇති ඉවුරේ තිබූ මෙම විශාල ගස් දෙක මෙලෙස ගැලවී වැටී ඇත. එම ස්ථානයේ ඇති තවත් ගස් කිහිපයක්ද මේ වනවිට ගැලවී යෑමේ අවදානමක් පවතී. එම අවදානම් ගස් අසල ප්‍රදේශයට විදුලිය සපයන අධිබලැති විදුලි රැහැන් පද්ධතියද වේ. බිම ඇදවැටීමේ අවදානමක ඇති එම ගස්ද ගැලවී වැටුණහොත් අධිබල විදුලි පද්ධතියට හානි සිදුවිය හැකි බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.


කැකිරාව ප්‍රාදේශීය විදුලි ඉන්ජිනේරු ඉසුරු කස්තුරිරත්න මහතාගෙන් අප මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඉන්ජිනේරුවරයා කියා සිටියේ සිය නිලධාරීන් යොදවා ස්ථානීය පරීක්‍ෂාවක් සිදුකර ඇති බවයි. එම ස්ථානයේ ඉතිරිව ඇති ගස් කිහිපයක්ද ගැලවී යෑමේ අවදානමක් මතුව ඇති බවද කැකිරාව ප්‍රාදේශීය ලේකම්වරයා මෙන්ම වෙනත් අදාළ ආයතන දැනුවත් කර ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කඩිනම් පියවර ගන්නා බවද විදුලි ඉන්ජිනේරුවරයා වැඩිදුරටත් පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon