මන්නාරම් සමූහ මිනී වළෙන් සිරුරු 232ක් හමු වෙයි

  👤  2393 readers have read this article !
By mawbima 2018-11-08

මුලතිව් - ශෂිකුමාර්


මන්නාරම, පැරැණි සතොස ගොඩනැඟිල්ල පැවැති ස්ථානයෙන් හමුවූ සමූහ මිනී වළේ සිදු කරන ලද කැණීම් තුළින් ඊයේ (07දා) උදෑසන වනවිට සිරුරු ඇටසැකිලි 232ක් හමුවී ඇති බවට කැණීම් පිළිබඳව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ශමින්ද රාජපක්ෂ මහතා පැවැසීය. ගොඩගත් සිරුරු 232න් සම්පූර්ණ සිරුරු කොටස් 224කට අදාළ සිරුරු අස්ථි තමන්ගේ භාරය යටතේ මන්නාරම අධිකරණ සංකීර්ණයේ විශේෂිත කුටියක තැන්පත් කොට ඇති බවට විශේෂඥ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා පැවැසීය.


එම සිරුරු කොටස්හි කාල නිර්ණය කිරීම සඳහා අස්ථි කොටස් ඇමෙරිකාවට යැවීමේ කටයුතු සඳහා අවසරය ඉතා ඉක්මනින් ලැබිය හැකි අතරම එම දිනය ස්ථිරවම කිව නොහැකි බවත් බොහෝ දුරට ලබන දෙසැම්බර් මාසයේ අවසරය ලැබෙනු ඇති බවට කැණීම් විශේෂඥ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon