මේ වෙලාවේ ජනමතය විමසීම වටිනවා

  👤  2476 readers have read this article !
By mawbima 2018-11-08

ඉමදුව - ටී. විතානවසම්


රට තුළ අවුල් වියවුල් සහගත තත්ත්වයක් පවතින්නේ යැයි හැඟෙන්නේ නම් ජනාධිපතිවරයාට ජනමත විචාරණයකට යා හැකි බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි. පෙරේදා (6දා) සවස මාතරදී පැවති මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය. මේ වුණු සියල්ල ව්‍යවස්ථාව අනුව සිදුවෙලා තියෙනවා. නමුත් කාට හරි හිතෙනවා නම් මේක හරි නෑ.

දැන් තියෙන්නේ අස්ථාවර තත්ත්වයක් කියලා හරි එහෙම අස්ථාවර තත්ත්වයකට ගමන් කරමින් තියෙනවා කියලා නම් හරි ජනාධිපතිවරයාට හැකියාව තියෙනවා ජනමත විචාරණයක් කැඳවන්න. පාර්ලිමේන්තු වාරය අවසන් කර යුතුද නැතිද යන්න කියන එක ගැන ජනමතයක් හරහා විමසන්න ජනාධිපතිවරයාට හැකියාව තියෙනවා. ඒ ප්‍රතිඵලය අනුව පුළුවන් මැතිවරණයකට යන්න. කවුරු හරි කියනවා නම් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවන්න බලය නෑ කියලා ඒ ප්‍රශ්නයටත් හොඳම විසඳුම තමයි ජනමත විචාරණය.

ජනමත විචාරණයක් තුළින් යමක් සිදුකිරීමේදී ඒ සඳහා ව්‍යවස්ථාව අවශ්‍ය නෑ. ඒ වගේම ඕනෑම දෙයක් සඳහා ජනමතය විමසීමේ හැකියාව ජනාධිපතිවරයාගේ බලතලවල තියෙනවා. මේ බලතල අනුව ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා සිය පාර්ලිමේන්තු කාලය දීර්ඝ කර ගත්තා තවත් වසරකට. ඒ අනුව ඔහුට හිමි හයෙන් පහක බලය ඔහු ජනමත විචාරණයකින් නැවත සකසා ගත්තා.

ඒ සඳහා ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නෑ. නමුත් ජනමත විචරණයක් මඟින් ඒ කටයුත්ත සිදුකරගත්තා. මම හිතන්නේ මේ අවස්ථාවේ සිදුකළ යුත්තේ ජනමත විචාරණයකට යෑමයි. මොකද කථානායකවරයා පවා අවස්ථා දෙකකදී මත දෙකක් ඉදිරිපත් කරනවා. මන්ත්‍රිවරුන් වුණත් එක ස්ථාවරයක නෑ. ඒ නිසා මේ අවස්ථාවේ ජනමත විචාරණයකට ගොස් ජනමතය විමසීම වටිනවා. අද පාර්ලිමේන්තුවේ තියෙන්නේ විකෘති ජනමතයක්. නියම ජනමතය අපිට ගන්න පුළුවන් ජනමත විචාරණයකට යෑම තුළින් හා එහි ප්‍රතිඵලය අනුව මහ මැතිවරණයකට යෑම තුළින්. එය තමයි මේ සඳහා හොඳම විසඳුම. අද ඔය දෙපැත්ත බලන සියලු දෙනාට එහිදී පිළිතුරු ලැබෙනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon