කුමන කෙනෙහිලිකම් කළත් මම පක්ෂය දාලා යන්නේ නැහැ

  👤  2689 readers have read this article !
By mawbima 2018-11-08

ඩී.එම්. නිසංසලා අබේගුණසේකර


පක්ෂය තුළ හෝ ආණ්ඩුව තුළ කුමන අයුරකින් කෙනහිලිකම් සිදුවුවද කුමන ආකාරයෙන් අඩුපාඩු සිදුවුවද, කෙසේ සැලකුම් කළද, තමා කිසිදා පක්ෂය හෝ පක්ෂ නායකයන් හැරදා නොයන බව තරුණ, කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ මහතා ප්‍රකාශ කරයි.


තරුණ, කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයේ ඊයේ (07දා) වැඩ භාර ගනිමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, පක්ෂය රැක ගනිමින් ජනාධිපති හා නව අගමැති ප්‍රමුඛ ආණ්ඩුව සමඟ ඉදිරියටත් කටයුතු කරන බවයි. තමාට පැවරී ඇති අමාත්‍යාංශයේ කාර්යභාරය නිසි ලෙස ඉටු කිරීමට නිලධාරීන් ප්‍රමුඛ සියලු දෙනාගේ සහයෝගය අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා පැවැසීය.


විවිධ කතන්දර සහ කටකතා පැතිර ගියද තමන් එදා සිටම මේ දක්වා එක තැන සිටි බව සැවොම දන්නා කාරණයක් බවද, තමාට පක්ෂ මාරුවකට ඩීල් පැමිණ නැතැයිද, එවැනි ඩීල් පැමිණියද තමා ඒ පිළිබඳ තැකීමක් නොකරන බවද රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon