මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුමට 6දා දහවල් සිට මහ වැසි වැටේ

  👤  2477 readers have read this article !
By mawbima 2018-11-08

නෝර්වුඩ් - නීටා පත්ම කුමාරි


මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (07දා) පස්වරු 2.30 සිට තද වැසි ලැබෙමින් පවතී.


හැටන් නගරයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟම හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ හැටන් ෆෘට්හිල් ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ කොටසක් ජලයෙන් යට වී තිබේ.
පැවැති අධික වාර්ෂාවත් සමඟම වැසි ජලය ගලා බසින කානු පද්ධති අවහිර වීම නිසා වැසි ජලය ප්‍රධාන මාර්ගය දිගේ ගලා බැසීම හේතුවෙන් රථවාහන ගමනාගමනයටද තරමක බාධා මතු විය.


වැසි පවතින අවස්ථාවල රථවාහන ධාවනය කිරීමේදී සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරවන ලෙස පොලිසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon