ජනපති හමුවට සජිත් ගියේ රනිල්ගේ අනුදැනුම ඇතිවයි

  👤  2468 readers have read this article !
By mawbima 2018-11-08

උපතිස්ස පෙරේරා


එ.ජා.ප. නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනෙක ජනාධිපතිවරයා හමු වූයේ එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතාට නොදන්වා බවට ඇතැම් මාධ්‍ය ඔස්සේ පළවන පුවත සම්පූර්ණයෙන්ම පදනම් විරහිත අසත්‍ය පුවතක් බව රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය ඒකකය කියයි.


ජනාධිපති සිරිසේන මහතා සමඟ සාකච්ඡා සඳහා ප්‍රේමදාස මහතා සහභාගි වූයේ රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කිරීමෙන් පසුව බවත් එසේම සාකච්ඡාවලින් අනතුරුව සජිත් ප්‍රේමදාස මහතා ඒ පිළිබඳව වික්‍රමසිංහ මහතා වෙත වාර්තා කිරීමට කටයුතු කළ බවද එම මාධ්‍ය ඒකකය පවසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon