ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයෙන් කතානායකට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිල්ලක්

  👤  2455 readers have read this article !
By mawbima 2018-11-08

කථානායක කරු ජයසූරිය මහතා ව්‍යවස්ථාවටත්, සම්ප්‍රදායටත්, සදාචාරයටත්, බහුතර ජනතාවගේ අභිලාෂයටත් එරෙහිව කටයුතු කරන බව සඳහන් කරමින් ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය ඊයේ (07දා) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් භාර දුන්නේය.


ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ ලේකම් මහාචාර්ය චන්න ජයසුමන, සම සභාපති ආචාර්ය මාදුරුඔය ධම්මිස්සර හිමි, ජේ‍යෂ්ඨ කථිකාචාර්ය රාජා ගුණරත්න යන අයගේ අස්සනින් යුතුව එම ලිපිය භාර දෙනු ලැබිණි.


මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්කිරීම පිළිගෙන දින කිහිපයක් ඇතුළත කරු ජයසූරිය කථානායකවරයා එම තීරණය වෙනස් කිරීමට හේතු වූ කරුණු 4ක් එම ලිපිය මඟින් පෙන්වා දී තිබේ.


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා විසින් දී ඇති නියෝග නොතැකීම, රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පිළිගන්නා බවට මතයක් ඇති කරලීම, ව්‍යවස්ථාවේ සඳහන් වගන්ති පිළිබඳ වැරැදි අර්ථකථන සැපයීම සහ නව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා විසින් පත් කිරීම නොපිළිගැනීම ආදී කරුණු පිළිබඳ පරීක්ෂණ පවත්වන ලෙසද එම ලිපිය මඟින් ඉල්ලා තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon