දයාසිරි කතානායකට අනතුරු අඟවයි

  👤  2837 readers have read this article !
By mawbima 2018-11-08

වාර අවසාන කළ පාර්ලිමේන්තුවේ නීති විරෝධීව කටයුතු කිරීම නතර නොකළහොත් කථානායක කරු ජයසූරියට විරුද්ධව වරප්‍රසාද පනත යටතේ කටයුතු කිරීමට සිදුවන බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර පැවැසීය.


වාර අවසන් කළ පාර්ලිමේන්තුවක පක්ෂ නායක රැස්වීම් පැවැත්වීම, මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම් පැවැත්වීම නීති විරෝධී බවද හෙතෙම කියා සිටියේය.
ශ්‍රීලනිප මූලස්ථානයේ ඊයේ (07දා) පැවැති මාධ්‍ය හමුවකදී දයාසිරි ජයසේකර මේ බව කියා සිටියේය.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද පැවැසීය,


වාර අවසන් කරපු අවස්ථා මීට පෙරත් තිබුණා. ඒ වෙලාවේ හිටපු කිසිම කථානායකවරයෙක් මෙහෙම හැසිරුණේ නෑ. එතුමා තනතුරට අදාළ නැති වැඩ කරනවා. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා හැටියට දැන් වැඩ කරන්නේ. වාර අවසන් කරපු වෙලාවක විශ්වාස භංගයක් භාර ගන්න කිසිම අයිතියක් එතුමාට නෑ. තානාපතිවරු ගෙනැල්ලා රට අවුල් කරන්න එතුමාට අයිතියක් නෑ. තනතුරේ ගෞරවය ආරක්ෂා කරගෙන වැඩ කරන්න කියලා අපි එතුමාට අනතුරු අඟවනවා.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon