අගවිනිසුරු නිවෙසට අවහිර වන පරිදි නැවැත් වූ මෝටර් රථයක් ඉවත් කර ගන්නැයි කී පොලිස් නිලධාරීන්ට බැන වැදුණු ගණකාධිකාරි රක්ෂිතයටඅගවිනිසුරු නිවෙසට අවහිර වන පරිදි නැවැත් වූ මෝටර් රථයක් ඉවත් කර ගන්නැයි කී පොලිස් නිලධාරීන්ට බැන වැදුණු ගණකාධිකාරි රක්ෂිතයට

  👤  3040 readers have read this article !
By mawbima 2018-11-07

කුමුදු උපුල් ශාන්ත

නුගේගොඩ ජය පාරේ පිහිටි අගවිනිසුරුවරයාගේ නිවෙසට අවහිරයක් වන ආකාරයට එම නිවෙස ඉදිරිපිට නවතා තබා තිබූ මෝටර් රථයක් ඉවත් කර ගන්නා ලෙස උපදෙස් දුන් අගවිනිසුරුවරයාගේ ආරක්ෂාව භාර පොලිස් නිලධාරීන් දෙදෙනකුට බැනවැදී කලහකාරී ලෙස හැසුරුණු බව කියන ගණකාධිකාරිවරයකු නොවැම්බර් 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් වසන්ත කුමාර මහතා නියෝග කළේය.

අගවිනිසුරුවරයාගේ නිවෙස ඉදිරිපිට පදිංචි ගණකාධිකාරිවරයකු එසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

එකී ගණකාධිකාරිවරයා අගවිනිසුරුවරයාගේ නිවෙසේ වාහන හැසිරවීමට අවහිර වන ආකාරයෙන් එම නිවෙස ඉදිරිපිට ඔහුට අයත් මෝටර් රථයක් නවතා තිබූ බවත් එම මෝටර් රථය එකී ස්ථානයෙන් ඉවත් කර ගන්නා ලෙස අගවිනිසුරුවරයාගේ ආරක්ෂාව භාර නිලධාරීන් දෙදෙනා සැකකාර ගණකාධිකාරිවරයාට දැනුම්දීම හේතුවෙන් ඔහු එසේ කලහකාරී ලෙස හැසිරී ඇති බවද අනාවරණය වෙයි.

එම කලහකාරී සිද්ධියෙන් පසුව සැකකාර ගණකාධිකාරිවරයාගේ බිරිය එකී මෝටර් රථය එම ස්ථානයෙන් ඉවත් කර ගෙන ඇති බවත් එකී සිද්ධිය ඉකුත් දිනක රාත්‍රි 10.00ට පමණ සිදුව ඇති බවද වාර්තා වෙයි.

අගවිනිසුරුවරයා අභියාචනාධිකරණ විනිසුරුවරයා වශයෙන් කටයුතු කරමින් සිටි කාලය අතරතුරදීද මෙකී සැකකාර පුද්ගලයා එවැනිම සිද්ධියක් සම්බන්ධයෙන් කලහකාරී ලෙස හැසිරී ඇති බවත් ඒ සම්බන්ධයෙන් මේ වන විට නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයේ ඔහුට එරෙහිව නඩුවක් පවතින බවද අනාවරණය වෙයි.

මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශයේ සැරයන් ප්‍රසන්න මහතා (56958) අධිකරණයට දැක්වූ කරුණු අනුව ඉහත සිද්ධිය අනාවරණය කෙරුණු අතර මේ සම්බන්ධයෙන් මිරිහාන පොලිස් ස්ථානාධිපති හේමන්ත විජේවර්ධන උප පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් යන නිලධාරීන්ගේ උපදෙස් මත තවදුරටත් විමර්ශන සිදු කෙරේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon