කථානායකවරයා පැලඳ සිටින කොළ පාට කමිසය හා කණ්ණාඩි යුගල ගැලවිය යුතුයි -නීතිඥ ප්‍රේම්නාත් සී. ‍ෙදාළවත්ත

  👤  2795 readers have read this article !
By mawbima 2018-11-07

නුවන් හෙට්ටිආරච්චි

පාර්ලිමේන්තුව කැඳවීමටවත් එහි වාර අවසන් කිරීමටවත් කථානායකවරයාට කිසිදු බලයක් නොමැති බවත් තමන්ගේ බලය ගැන නොදැන ඔහු ‍ෙදාඩවන බවත් සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ කැඳවුම්කරු ප්‍රේම්නාත් සී. ‍ෙදාළවත්ත පවසයි.

ව්‍යවස්ථාව අනුව රටේ දේශපාලන වෙනස සිදුවී නව අගමැතිවරයෙක් පත්ව ඇති බවත් මේ වනවිට කථානායකවරයා එය තේරුම් නොගෙන කටයුතු කරන බවත් හෙතෙම 'මව්බිම'ට පැවැසීය.

ලොව පක්‍ෂග්‍රාහී එකම කථානායකවරයා කරු ජයසූරිය මහතා බවත් මේ මොහොතේ ඔහු කළ යුතුව ඇත්තේ නිර්පාක්‍ෂිකව අවශ්‍ය දේශපාලන පසුබිම සකස් කිරීම බවත් පෙන්වා දෙන හෙතෙම සඳහන් කරන්නේ කථානායකවරයා පැලඳගෙන සිටින කොළ පාට කමිසය හා කණ්ණාඩි යුගල ගැලවීම අනිවාර්යය බවයි.

ජනාධිපතිවරයා විසින් පත් කරන කථානායකවරයාට විධායක බලය අභිභවා ගිය බලයක් නොලැබෙන බවත් ඔහු ඒ ගැන නොදන්නේ නම් ව්‍යවස්ථාව කියවා බලන ලෙසත් ‍ෙදාළවත්ත සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon