මේ රටට සාමය උදාකර දුන් සත්පුරුෂයාගේ ආශීර්වාදය නැවතත් මේ රටට ලැබෙන තුරු රටේ ජනතාව බලන් හිටියා

  👤  2832 readers have read this article !
By mawbima 2018-11-07

හිදෝගම - අමිල ප්‍රභාත්

'ජනාධිපතිතුමා ගත්තේ බැරෑරුම් තීන්දුවක්. ඔබතුමා හැර වෙනත් අයකු නැතැයි කියා සිතා එතුමා ඔබතුමා ගැන තිබෙන විශ්වාසයෙන් තමා මේ දෙය කළේ. ඒ නිසා අද අප සියලු දෙනාම සතුටින් සන්තෝසයෙන් ඉන්නේ. ඔබතුමා එදා දුන් සතුට අපට අදත් හම්බ වෙයි කියලා හිතනවා. ඉතිහාසයේ රාජාවලියේ රජවරු එකසිය හැට දෙකෙන් (162) කිසි කෙනකු ඔබතුමා තරම් වැඳුම් පිදුම් ලැබුවේ නෑ' යැයි මිරිසවැටිය චෛත්‍යරාමාධිපති ඊතලවැටුණ වැවේ ඥානතිලක නාහිමියෝ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ හමුවේ පැවැසූහ.

නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු පිරිස ඉකුත්දා (04දා) අනුරාධපුර මිරිසවැටිය විහාරස්ථාන වැ¼දපුදා ගනිමින් ආශීර්වාද ලබා ගැනීමට පැමිණි අවස්ථාවේදී අනුශාසනාවක් සිදු කරමින් ඊතලවැටුණ වැවේ ඥානතිලක නාහිමියෝ මෙසේද පැවැසූහ.

කන්න හතක් වියැළිලා ගස්වල ගෙඩි නැතිව කොළ වැටිලා දූවිලි බවට පත්වෙලා තිබුණු මොහොතේ වර්ෂාවක් වැහැලා දැන් වැව් අමුණු ඔක්කොම පිරී ඉතිරී යනවා.

මිනිස්සු හැම වෙලාවෙම ආශීර්වාද කළේ නැවත අපට ගැළපෙන අපේ ජීවිතවලට ගැළපෙන අපට කතා කරන අපේ ජීවිතයේ අනාගතයට කතා කරන අපේ දරුවන්ට කතා කරන යතිවරයෙක්, ප¾ඩිවරයෙක් හා සමාන මේ රටට සාමය උදා කරදුන් සත්පුරුෂයාගේ ආශීර්වාදය මේ රටට ලැබේවා කියා මිනිසුන් හැමදාම සෝසුසුම් හෙළ හෙළා බලා සිටියා.

දුටුගැමුණු රජු ත්‍රි සිංහලය එක්සේසත් කළ නිසා අදත් මිනිස්සු සැනසෙනවා. ඉන්පසු හත්මහ දෙමළුන්ගෙන් රට මුදාගෙන වළගම්බා රජතුමන් ත්‍රි සිංහලය එක්සේසත් කළා. ඉන්පසු ගජබා රජතුමන් ඒ වැඩේ කළා. කීර්තිසිංහ රජතුමන්, මහා පරාක්‍රමබාහු රජු ආදී රජවරු හත්දෙනෙක් මේ රටේ ත්‍රි සිංහලය එක්සේසත් කළා. ඔබතුමා අටවැනියා ලෙස මේ රට එක්සේසත් කළා. තාරකාවක් අහසේ පේනවා. හැබැයි චූටිවට පේන්නේ. ඒ අපේ පෙනීමේ වැරැද්ද. හැබැයි තාරකාවේ වැරැද්ද නොවෙයි. තාරකාව විශාලයි. කන්දක් ළඟ හිටියාම කන්දේ විශාලත්වය මිනිසුන්ට පේන්නේ නෑ. කන්දෙන් අෑතට ගියාමයි එහි විශාලත්වය පේන්නේ. ඒ නිසා මිනිසුන්ට ඔබතුමාගේ වටිනාකම තේරුණේ අෑත් වෙන්න අෑත් වෙන්නයි. අද විශාල යුතුකමක් හා වගකීමක් තිබෙනවා.

ඔබතුමාගේ අත්දැකීම් පරිණතභාවයන් අහසේ ඉන්න පක්‍ෂියාගේ සිට මුහුදේ ඉන්න මත්ස්‍යා දක්වා සියලු සතාට සුවපත් වේවා කියන මෛත්‍රි සහගත සිතින් යුක්තව මේ ධරණී තලය තුළ නැවත ඔබතුමාට මිනිසුන්ට ජීවය, ප්‍රාණය, ශක්තිය, අධ්‍යාපනය ලබාදීමට සියලු දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.

පසුගිය කාලවල මිනිසුන්ට තිබුණු දුක්වේදනාවන්, ඇස්වලින් ගලාගෙන ගිය කඳුළු මිනිසුන්ගේ හදවත්වල තිබූ ගිනි ධාරාවන් නිවා ගන්න ජලය මදි තරම් තත්ත්වයක හිටියේ. පසුගිය දවස්වල මං ගම්මාන 22කට ආධාර දුන්නා. එක ගමක මනුස්සයෙක් ඇවිත් ඔබවහන්සේට බුදුබව අත් වෙනවා හාමුරුදුරුවනේ අපි මුරුංගා කොළ කකා හිටියේ කීවා. ජනාධිපතිතුමත් ඒක අහලා විශාල මුදලක් වෙන් කළා මේ පළාතට ලබා දෙන්න කියා. එදා කෙහෙල් කොට මිනී පෙට්ටියට දාලා කීවා මේ උඹේ පුතා කියා පිළිගන්න කියලා. අම්මාටයි තාත්තාටයි පිළිගන්න සිද්ධ වුණා. එවැනි යුගයක් නැති කළා. අම්මලා තාත්තලා පාසල්වලට ගිහින් දිවා රෑ දෙකම මුර කළා.

බයෙන් ජීවත් වුණ මිනිස්සුන්ගේ බය නැති කළා. ඔබතුමා එදා යුද කඳවුරුවලට ගියා අපි එපා කියද්දී. මේ සුනාත යුද හමුදා කඳවුරේ එදා හමුදාවට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්‍ෂණයට ළමයි හිටියේ නෑ. මම කීවා ජනාධිපතිතුමා වැඩේ වැරදිලා තියෙන්නේ ඉන්ටවීව් යන්න ළමයි නෑ කීවා. එදා මූණ අවුල් වෙලා ගෙදර ගිහිල්ලා පුතා දුන්නා හමුදාවට, අන්න රටේ රජ්ජුරුවෝ ආදර්ශයක් දුන්නා. ඒ නිසා ඔය පාර්ලිමේන්තුවේ කෑගහන කිසි කෙනකුට මේ රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් බෙරිහන් දෙන මිනිහකුට බැරි වුණා ළමයෙක් දෙන්න යුද හමුදාවට.

වසර තිස්පහක් පමණ තිබූ යුද්ධය දින පැය ගණනකට අඩු කරලා ඔබතුමා මේ රටට සතුට සාමය ගෙනත් දුන්නා. ජේසුස් වහන්සේ අවුරුදු තිස් තුනෙන් මරලා දානවා. දුටුගැමුණු රජු අවුරුදු පනස් හතෙන් මරලා දානවා.

වලිසිංහ හරිස්චන්ද්‍රතුමා අවුරුදු තිස්හයෙන් මරලා දානවා. ඇලෙක්සැන්ඩර් රජු අවුරුදු තිස් දෙකෙන් මරලා දානවා. රටක් රාජ්‍යයක් වෙනස් කළ, ජන විඥානය වෙනස් කළ සෑම රාජ්‍ය නායකයකුටම මේ අපේ ජාතිය සලකපු හැටිවාමයි ඒ. මේ ජාතිය වෙනුවෙන් අවසාන අවස්ථාව වෙන්න පුළුවන්. මේ රට ජාතිය, සංස්කෘතිය, ආගම දහම, ආර්ථිකය නැංවීම වෙනුවෙන් බලාපොරොත්තුව ඔබතුමායි. මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. චන්ද්‍රසේන, ශෙහාන් සේමසිංහ, හිටපු ඇමැති තිස්ස කරල්ලියද්ද යන මහත්වරු ඇතුළු මහජන නියෝජිතයන් විශාල පිරිසක් එක්ව සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon