එදා පක්ෂ මාරුවට එරෙහි වුණා නම් අද මෙහෙම අලකලංචියක් නැහැ -නලින්ද ජයතිස්ස

  👤  2823 readers have read this article !
By mawbima 2018-11-07

අනුරාධා හේරත්

දහනවවන ව්‍යවස්ථා සංශෝධනයේ පක්ෂ මාරු කිරීමට එරෙහිව යෙදූ වගන්තියට එදා ශ්‍රී ලනිපය හා එජාපය අත ඉස්සුවේ නම් අද මෙම දේශපාලන අලකලංචිය සිදු නොවන බව ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

එම දේශපාලන පක්ෂ මාරු කිරීම වළකාලීම සඳහා වගන්තියක් ජවිපෙ ඉදිරිපත් කළ 20 වැනි සංශෝධනයටද ඇතුළත් කළ නමුත් ඊටද චම්පික රණවක, මනෝ ගනේෂන්, රාවුෆ් හකීම් මහත්වරුන් උඩ පැන සිය විරෝධය පළ කළ බවටද මන්ත්‍රිවරයා චෝදනා කළේය.

ජයතිස්ස මහතා විමසුවේ අද රුපියල් කෝටි 50ට -60ට හඳපානේ දෙන ඇමැතිකම් පිළිබඳ දුටු විටවත් පක්ෂ මාරු කිරීමට එරෙහි වගන්තිය තිබුණා නම් හොඳ යැයි ඇමැති චම්පිකට සිතෙනවාද යන්නය.

එදා ශ්‍රී ලනිපය හා එජාපය දුර නොබලා ළඟ බලා ගත් තීන්දු තීරණ නිසා සියලු දෙනාට එක සේ මෙම පනින මන්ත්‍රි හුටපටයට මුහුණ දීමට සිදුව ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

ඔහු වැඩිදුරටත් පැවැසුවේ තම පක්ෂය සිරිසේන හෝ රාජපක්ෂ කඳවුරු වෙනුවෙන් පෙනී නොසිටින බවත් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට හා ව්‍යවස්ථාවට එරෙහිව ගන්නා ඕනෑම තීන්දුවකට විරෝධය පළ කිරීමට පෙරට එන බවත්ය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon