මෝදිගේ පණිවුඩය අරන් රනිල් මෛත්‍රි ළඟට දුවයි

  👤  2512 readers have read this article !
By mawbima 2018-10-23

රුචිර දිලාන් මධුසංඛ

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ අතර ඊයේ (22දා) දහවල් විශේෂ හමුවක් පවත්වා තිබේ.

කොටුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (22දා) ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පමණක් සහභාගි වූ මෙම හමුව පැය භාගයකට ආසන්න කාලයක් පැවැති බවද වාර්තා වේ.

සිය ඉන්දීය සංචාරයේදී එරට අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අවධාරණය කරන ලද කරුණු මෙහිදී අගමැතිවරයා විසින් ජනාධිපතිවරයා වෙත දැනුම් දීමට ක්‍රියා කර ඇති බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ග සනාථ කෙළේය.

ඊට අමතරව ඉන්දීය සංචාරයේදී නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා මෙන්ම ඉන්දීය විදේශ කටයුතු ඇමැතිනි සුෂ්මා ස්වරාජ් සහ ස්වදේශ කටයුතු ඇමැති රාජ්තාන් සිං අතර හුවමාරු කරගත් අදහස්ද රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සවිස්තරව ජනාධිපතිවරයාට පැහැදිලි කර දී ඇති බවද වාර්තා වේ.

ඊට අමතරව පසුගිය දිනවල මාධ්‍යයේ පළවුණු 'රෝ' සංවිධානයට අදාළ තොරතුරුද මෙහිදී ඉන්දීය බලධාරීන් අගමැතිවරයාගෙන් විමසා ඇති අතර ඒ බවද අගමැතිවරයා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පවසා ඇති බවද ඉහත අරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon