ලංකාවේ ක්‍රිකට් දූෂණ සොයන්න මෝදිගෙන් උදව්

  👤  2316 readers have read this article !
By mawbima 2018-10-23

නුවන් හෙට්ටිආරච්චි

ක්‍රිකට් ක්‍රීඩාවේදී සිදු වන තරග පාවා දීම්, වංචනික ගනුදෙනු සම්බන්ධව කරුණු හෙළිදරව් කර ගැනීමට ඉන්දීය මධ්‍යම විමර්ශන කාර්යාංශයේ (ඛ්ඕධ්) සහාය ලබා දීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එකඟ වූ බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති අර්ජුන රණතුංග පවසයි.

මේ බව අමාත්‍යවරයා සඳහන් කළ ඊයේ (22දා) එම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

ඉදිරියේදී අග්‍රාමාත්‍ය කාර්යාලය හරහා එම විමර්ශන කටයුතු සිදු කිරීම නියමිත බවත්, මෙම තරග පවාදීම් හා වංචා දූෂණ මූලාරම්භයේ සිටම මෙම විමර්ශනය මඟින් හෙළි කර ගත හැකි බව සඳහන් කරන අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ බුකීකරුවන්ට හා සූදු කාරයන්ට යට වී ඇති ක්‍රිකට් ආයතනය පිරිසුදු ආයතනයක් කළ යුතු බවයි.

සිදුවන මෙම වංචා හා තරග පාවාදීම් සම්බන්ධයෙන් ක්‍රීඩකයන් පමණක් වැරැදි නැති බවත්, විවිධ අංශ ඊට අදාළ බවත් සඳහන් කරන හෙතෙම තවදුරටත් පෙන්වා දෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රතිපත්ති හා ඊට අදාළ නීති සංශෝධනය කළ යුතු බවයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon