පොහොයදා මැච් එක තිබුණොත් බොන්න එපා

  👤  2520 readers have read this article !
By mawbima 2018-10-23

ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පස්වැනි සහ අවසන් එක්දින තරගය අද (23දා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර මේ සම්බන්ධව තම 'ට්විටර්' ගිණුම ඔස්සේ එංගලන්ත ප්‍රේක්ෂකයන් හට පණිවිඩයක් නිකුත් කරන ශ්‍රී ලංකාවේ එංගලන්ත මහකොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කරන්නේ පෝය දිනයේ මත්පැන් පානයෙන් වළකින ලෙසයි.

එනම් කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත පස්වැනි එක්දින තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවුවහොත් එම තරගයේ අතිරේක දිනය වශයෙන් සැලකෙන පසු දිනය (24දා) වප් පුර පසළොස්වක පොහොය දිනය බැවින් එදින මත්පැන් භාවිතයෙන් වැළකී සිටින ලෙස බි්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ නිල 'ට්විටර්' ගිණුම මඟින් ප්‍රකාශයට පත් කරන ලද එම නිවේදනයේ සඳහන් වේ.

තවද එදින ප්‍රසිද්ධියේ මත්පැන් පානය කිරීම සංස්කෘතිකමය වශයෙන් අසංවර ක්‍රියාවක් වශයෙන් සැළකෙන බැවින් එම වරද පොලිස් අත්අඩංගුවට පත් වීමට ද හේතුවක් විය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon