වත්තල - හේකිත්ත ග්‍රාම නිලධාරි රු. හාරදහසක අල්ලසක් ගනිද්දී දැලේ

  👤  2331 readers have read this article !
By mawbima 2018-10-23

කොළඹ - එම්.සී. පෙරේරා

වත්තල හේකිත්ත ග්‍රාමනිලධාරි වසමේ (169) ග්‍රාම නිලධාරිවරයා රුපියල් හාරදහසක අල්ලස් මුදලක් ලබාගනිද්දී ඊයේ (22දා) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා කීය.

වත්තල ප්‍රදේශයේ කාන්තාවක ඇයගේ ස්වාමි පුරුෂයා නමින් පදිංචිය සනාථ කිරීම සඳහා සහතිකපත් ඉල්ලා සිටි අවස්ථාවේ මෙම ග්‍රාම නිලධාරියා රුපියල් හාරදහසක අල්ලස් මුදලක් ඉල්ලා ඇත.

කාන්තාව ඒ පිළිබඳව පැමිණිලි කර ඇති අතර එම පැමිණිල්ලට අනුව සැකකාර ග්‍රාම නිලධාරිවරයා ඊයේ (22දා) ඔහුගේ කාර්යාලයේදී එම මුදල ලබාගන්නා අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකාර ග්‍රාම නිලධාරිවරයා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon