ගාලු කතිකාව - 2018 ජාත්‍යන්තර සාගරික සම්මන්ත්‍රණය ජනාධිපති අතින් විවෘත වෙයි

  👤  2308 readers have read this article !
By mawbima 2018-10-23

පහන් විජේසේකර

ගාලු කතිකාව - 2018 ජාත්‍යන්තර සාගරික සම්මන්ත්‍රණය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22දා) කොළඹ ගාලු මුව‍ෙදාර හෝටලයේදී ආරම්භ කෙරිණි. රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව නවවැනි වරටත් සංවිධානය කළ මෙම සම්මන්ත්‍රණය සහයෝගිතාව තුළින් සමුද්‍රීය කළමනාකරණය සඳහා ඒකාබද්ධ වීම (ඉරදඥපඨඪලඪදඨ ටධප ජධතතචඡධපචබඪමඥ ථචපඪබඪථඥ ථචදචඨඥථඥදබ) යන තේමාව යටතේ අද (23දා) දින පැවැත්වේ.

රටවල් 50ක සහ ජාත්‍යන්තර සංවිධාන 17ක නියෝජිතයන් හා සමුද්‍රීය ආරක්ෂක දෙස් - විදෙස් විද්වතුන් රැසක් මීට එක්ව සිටින අතර කලාපීය මෙන්ම කලාපීය නොවන නාවික හමුදාවන් සහ වෙනත් ආරක්‍ෂක සහ සාගරික සංවිධානවල වෘත්තිකයන්ට සිය අදහස් හුවමාරු කරගත හැකි වේදිකාවක් මෙම සම්මන්ත්‍රණය මඟින් සැපයේ.

සාගර සම්පත නිවැරැදිව භාවිතය, සියලු ජාතීන්ගේ අවශ්‍යතාවන් වෙනුවෙන් එය යොදා ගැනීම, කලාපීය ආරක්‍ෂාව සඳහා එහි ඇති වැදගත්කම, අප රටේ ආර්ථික පැවැත්ම හා ලෝක සාමය සඳහා ඇති උපයෝගිතාව සහ සියලුම පාර්ශ්වයන්ට එක්ව කටයුතු කිරීම සඳහා ද්විපාර්ශ්වික මෙන්ම බහුපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම ඇතුළු කරුණු රාශියක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට අපේක්‍ෂිතය. එමෙන්ම වත්මන් සාගරික අභියෝග ජය ගැනීම සඳහා ඵලදායී යාන්ත්‍රණයක් සකස් කර ගැනීම සහ කලාපීය විද්වතුන්ගේ සාගරික ගැටලු රාශියකට පිළිතුරු සොයා ගැනීම මෙවර සමුළුවෙන් අපේක්‍ෂා කෙරේ.

ගාලු කතිකාව සම්මන්ත්‍රණයේ නවතම තොරතුරු ඹඹඹ.ඨචතතඥඤඪචතධඨභඥ.තඬ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි අතර මෙම අඩවිය ඔස්සේ මෙම සමුළුව සජීවීව නැරැඹීමටද පහසුකම් සලසා තිබේ.
මෙම සමාරම්භක අවස්ථාවට සහභාගි වූ ජනාධිපතිවරයා වෙනුවෙන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා විසින් විශේෂ සමරු තිළිණයක්ද පිළිගන්වන ලදී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon