දුම්රිය මාර්ගයේ සෙල්ෆි ගැසූ තරුණයා දුම්රියේ හැපී මියයයි

  👤  1022 readers have read this article !
By mawbima 2018-10-22

නාවින්න - සුනිල් ශාන්ත

ඊයේ පස්වරු 6.50ට පමණ කොල්ලුපිටියේ මැරීන් ඩ්‍රයිව් මාර්ගයේ ඇති ප්‍රසිද්ධ කැෂිනෝ ආයතනයක් ඉදිරිපිට දුම්රිය මාර්ගයේ සිටිමින් සෙල්ෆි ගැසූ බව කියන වයස 35ක පමණ තරුණයකු මරදානේ සිට අලුත්ගම දක්වා ගමන් කළ මන්දගාමී දුම්රියේ ගැටී මියගොස් ඇතැයි පැවැසේ. දුම්රියේ ගැටීමෙන් පසු මියගොස් සිටි තරුණයා 1990 සුවසැරිය ගිලන් රථයක් මඟින් කොළඹ ජාතික රෝහල වෙත ගෙන යනු ලැබිණි. ඔහුගේ අනන්‍යතාව සහ සිද්ධිය පිළිබඳව කොල්ලුපිටිය පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon