අගමැති ප්‍රධානත්වයෙන් ග්‍රාම නිලධාරීන් 370කට පත්වීම් ලිපි ප්‍රදානය අද

  👤  1026 readers have read this article !
By mawbima 2018-10-22

ජේ.ටී. ද සිල්වා

ග්‍රාම නිලධාරීන් 2500ක් බ¼දවා ගැනීමේ දෙවැනි අදියර යටතේ, ග්‍රාම නිලධාරීන් 370 දෙනකු වෙත, පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද (22දා) සිදු කෙරේ.

පරිපාලන ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීමේ විභාගය සමත් වූ ග්‍රාමනිලධාරීන් 104 දෙනකු වෙතද අද පත්වීම් ලිපි ලබාදීමට නියමිතය.

විභාග දෙපාර්තමේන්තුව මඟින් 2016 පැවැත්වූ ග්‍රාම නිලධාරීන් බ¼දවා ගැනීමේ තරග විභාගයෙන් කඩඉම් සමත් වූ පිරිස සම්මුඛ පරීක්ෂණයකට කැඳවා, ලිඛිත විභාගය හා සම්මුඛ පරීක්ෂණය යන දෙකෙන්ම ලකුණු ලබාගත් 1664 දෙනකුට පළමු අදියර යටතේ පත්වීම් ලබාදී ඇත.

ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීමේ දෙවැනි අදියර යටතේ බඳවා ගැනීම සිදුකෙරෙන්නේද කලින් පැවැත්වූ විභාගයේ සහ සම්මුඛ පරීක්ෂණයේ ලකුණු පදනම් කරගෙන බව, ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන පවසයි.

ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීමේදී කිසිදු දේශපාලක මැදිහත්වීමක් සිදුනොවන බව පෙන්වා දෙන ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, ඉදිරියේදී තවදුරටත් පවතින ග්‍රාම නිලධාරි පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් සිදු කිරීමේදී, 2016 පැවැති ග්‍රාම නිලධාරීන් බඳවා ගැනීමේ තරග විභාගයේ ලකුණු පදනම් කරගෙන, යළි සම්මුඛ පරීක්ෂණයක් පවත්වා බඳවා ගැනීම් සිදුකරන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් නිර්දේශ ලැබී ඇතැයිද සඳහන් කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon