මහවැලියේ ඒකක කාර්යාලයේ කළමනාකරු අල්ලස් දැලේ

  👤  1019 readers have read this article !
By mawbima 2018-10-22

කොළඹ - එම්. සී පෙරේරා

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ වැලිකන්ද සිංහපුර කොට්ඨාසයේ මුතුවැල්ල ඒකක කාර්යාලයේ කළමනාකරු, වැලිකන්ද ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් රුපියල් විසි දහසක අල්ලසක් ලබා ගනිද්දී (19දා) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මඟින් අත්අඩංගුවට ගත් බව එහි අධ්‍යක්‍ෂ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත චන්දසිරි මහතා කීය.

මහවැලි අධිකාරියට අයත් ඉඩමකට අවශ්‍ය බලපත්‍රය හා නිර්දේශය ලබා දීම සඳහා ගිය අවස්ථාවේ බලපත්‍රය ලබා දීම සඳහා රුපියල් විසි දහසක අල්ලසක් ඉල්ලා ඇත.

ඉඩම් හිමිකරු ඒ පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කර ඇති අතර ඒ අනුව සැකකාර ඒකක කළමනාකරු මුතුවැල්ල මහවැලි ඒකක කළමනාකරුගේ කාර්යාලය තුළදී එකී මුදල ලබා ගනිද්දී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත චන්දසිරි මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon