අනුෂ පැල්පිටගේ මවගේ අවසන් කටයුතු අද

  👤  1027 readers have read this article !
By mawbima 2018-10-22

කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ හා මියුසියස් විද්‍යාලයේ විශ්‍රාමික පාඨශාලාචාරිනී ඩොරින් රණවීර මහත්මිය පෙරේදා (20) අභාවප්‍රාප්ත වුවාය.

විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට, වරලත් ගණකාධිකාරි නිශාන්ත පැල්පිට (ඕස්ට්‍රේලියාව) හා හයට් හෝටල් ව්‍යාපෘතියේ හිටපු ප්‍රධාන ඉන්ජිනේරු නිරෝෂ පැල්පිට මහත්වරුන්ගේ ආදරණීය මෑණියන් වූ රණවීර මහත්මිය කලුරිය කරන විට 83 වැනි වියේ පසුවූවාය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් අනෝමා පැල්පිට, ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් සරසවියේ කථිකාචාරිනී හිමාලි පැල්පිට හා පොදු පහසුකම් මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරිනී නයනා පැල්පිට මහත්මීන්ගේ දයාබර නැන්දණිය වූ රණවීර මහත්මියගේ දේහය මේ වනවිට අවසන් ගෞරවය සඳහා බොරැල්ල ජයරත්න මල් ශාලාවේ "රෙස්පෙක්ට් හෝම්" හි තැන්පත් කර ඇත. ඒ මහත්මියගේ දේහය පිළිබඳව අවසන් කටයුතු අද (22දා) පස්වරු 5.30ට බොරැල්ල කනත්ත ආදාහනාගාරයේදී සිදුකෙරේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon