BOI සහ රාජ්‍ය බැංකු අධ්‍යක්ෂ මණ්ඩල ගැන සොයන්න ජනපති කොමිසමක් ඕනෑ

  👤  2733 readers have read this article !
By mawbima 2018-10-22

ඉෂාරා සිල්වා

මහ බැංකු බැඳුම්කරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ජනාධිපති කොමිසමක් පත් කළා සේම ලංකා බැංකුව, මහජන බැංකුව සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පිළිබඳ විමර්ශනය කිරීම සඳහාද ජනාධිපති කොමිසමක් පත්කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.

ආණ්ඩුවේ ගජ මිතුරන් ගත් ණයවලින් බොල් ණය වශයෙන් කොපමණ කපා තිබෙනවාද, ගජ මිතුරන්ට සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ නිලධාරීන්ට කොතරම් ණය මුදල් ලබා දී තිබෙනවාද යන්න රටට දැනගත හැකි වන බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.

රටේ රාජ්‍ය බැංකු දෙක සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මෙලෙස විශාල අර්බුදයකට ලක් වී තිබෙන විට විදේශ විනිමය කළු කඩ සක්‍රිය ලෙස ක්‍රියාත්මක වන බවද මන්ත්‍රිවරයා අවධාරණය කළේය.

ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකක අධ්‍යක්ෂ මණ්ඩල සම්බන්ධයෙන් ඇතිව තිබෙන තත්ත්වය මත එම බැංකු පිළිබඳව ජනතාව තුළ ඇති විශ්වාසය බිඳ වැටී ඇති බවද මන්ත්‍රිවරයා ඊයේ (21දා) පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවට එක්වෙමින් පැවැසුවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon