පළාත් පාලන නියෝජිතයන්ට අඩු පොලියට ලක්ෂ 10ක ණයක්

  👤  2727 readers have read this article !
By mawbima 2018-10-22

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

පන්දහසකට අධික සියලුම පළාත් පාලන ආයතන නියෝජිතයන්ට සහන කොන්දේසි යටතේ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ණය මුදලක් ලබාදීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තුවේ සභානායක රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා 'මව්බිම'ට ප්‍රකාශ කළේය.

කිසිදු භේදයකින් තොරව සියලුම පළාත් පාලන ආයතනවල ජනතා නියෝජිතයන්ට මෙම රුපියල් ලක්ෂ 10 ණය මුදල ලබාගත හැකි බවත් පළාත් පාලන ආයතන නියෝජිතයන්ගෙන් ලැබුණු ඉල්ලීම් සැලකිල්ලට ගෙන තමා මෙම තීරණය ගත් බවත් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.

පළාත් පාලන ආයතන නියෝජනය කරන සමස්ත මන්ත්‍රි සංඛ්‍යාව 8690ක් වන අතර එක් අයකුට ලක්ෂ 10 බැගින් මේ මන්ත්‍රි පිරිසට ලබාදෙන මුළු ණය රුපියල් කෝටි 869කි.

රටේ පොදු මහජනතාව වෙනුවෙන් පළාත් පාලන ආයතන නියෝජිතයන් සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරන බවත් මෙවැනි සහන කොන්දේසිවලට එම පළාත් පාලන ආයතන නියෝජිතයන්ට ණය මුදලක් ලබාදීම තුළින් ඔවුන්ගේ ජනතා සේවය තවදුරටත් කාර්යක්ෂමව සිදු කිරීමට ශක්තියක් ලැබෙන බවත් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පෙන්වා දෙයි.

සියලුම පළාත් පාලන ආයතන නියෝජිතයන්ට මෙම රුපියල් ලක්ෂ 10ක ණය මුදල සහන කොන්දේසිවලට ලබාදීම සඳහා අවශ්‍ය උපදෙස් තමා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිවරයාට ලබාදුන් බවද කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon