රූට්ගේ බූට්ස් දෙක නුවරදී දන් දෙයි

  👤  2820 readers have read this article !
By mawbima 2018-10-22

මහත්වරුන්ගේ ක්‍රීඩාවේ මහත්මා ගුණය තවදුරටත් ප්‍රකට කෙරෙන අවස්ථාවක් පසුගියදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී 'මව්බිම'ට වාර්තා විය.

මහනුවර සිල්වෙස්තර විද්‍යාලයේ සිසුවෙක් වන නදීර බාලසූරිය, දඟ පන්දු යවන්නකු ලෙසින් විශේෂ දක්ෂතා පෙන්වා ඇත. එම නිසා පසුගිය සඳුදා (15දා) සහ අඟහරුවාදා (16දා) පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැති එංගලන්ත කණ්ඩායමේ පුහුණු සැසිය සඳහා පන්දු යවන්නකු ලෙසින් එක්වීමේ අවස්ථාව නදීරට උදාවී තිබිණි.

ඒ අනුව එංගලන්ත ක්‍රීඩක ජෝ රූට් හට පන්දු යවමින් සිටියදී නදීරගේ සපත්තුව කැඩීයෑම නිසා ඔහුට සුපුරුදු ලෙස පන්දු යැවීම අපහසු වූ බව නදීර පවසයි. එහිදී එංගලන්ත කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ උපදේශක සක්ලේන් මුෂ්ටාක් පැමිණ නදීරට යම් උපදෙසක් ද ලබා දී ඇත. නමුත් එම අවස්ථාවේදී නදීරගේ සපත්තුවට සිදුවූ දෙය දැක ඇති ජෝ රූට් ඔහු පුහුණුවීම් සඳහා පැලඳ සිටි ඉහළ වටිනාකමකින් යුත් සපත්තු යුගලය ඒ මොහොතේම නදීරට ප්‍රදානය කර ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්මා ගුණය ඉස්මතු කරමිනි.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක එංගලන්ත කණ්ඩායම අතර පැවැති තුන්වැනි එක්දින ක්‍රිකට් තරගයට පෙර සිදුකෙරුණු එංගලන්ත කණ්ඩායමේ පුහුණුවීම් අතරතුර සිදුවූ මෙම සුවිශේෂී සිදුවීමට මුහුණදුන් නදීර දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමේ අවස්ථාව 'මවිබිම'ට උදාවිය. ඒ අනුව පසුගිය දිනවල සමාජ මාධ්‍යවල දක්නට ලැබුණේ මෙම සිදුවීම සම්බන්ධයෙන් අසත්‍ය වාර්තාවක් බවද නදීර පවසයි.

එනම් එංගලන්ත කණ්ඩායමේ පුහුණුවීම් අතරතුර පුහුණුවීම් සඳහා භාවිත කරන කෘත්‍රිම තනතීරු සහිත දැල් ආවරණයට පිටින් සිට දිගු වේලාවක් එදෙස බලා සිටි පාසල් ශිෂ්‍යයකුට ජෝ රූට් සිය සපත්තු යුගල ප්‍රදානය කළ බවට මුහුණු පොතෙහි

(ෆේස් බුක්) සටහනක් තිබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon