රාජ්‍ය ළමා නාට්‍ය සම්මාන ප්‍රදානය 2018

  👤  2748 readers have read this article !
By mawbima 2018-10-22

චාමිණී ගම්මන්පිල

23 වැනි රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ සම්මාන ප්‍රදානෝත්සවය පසුගිය 19දා නෙළුම් පොකුණ රඟහලේදී උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
රාජ්‍ය ළමා නාට්‍ය උළෙල සැප්තැම්බර් 20 - 30 දක්වා මරදාන ටවර් රඟහලේදී පැවැත්වූ අතර එහි ජයග්‍රාහී නාට්‍ය සඳහා මෙහිදී සම්මාන ප්‍රදානය කෙරුණි.

සිංහල, දෙමළ, ඉංගී්‍රසි යන භාෂා ත්‍රිත්වයේම ළමා නාට්‍ය ඇගැයීමට ලක් කෙරිණි. උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩල හා රාජ්‍ය නාට්‍ය උපදේශක සභාව එක්ව මේ උළෙල සංවිධාන කරනු ලැබීය.
ජායා - අකිල ජයවර්ධන

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon