ඩුබායි සිට නීති විරෝධීව සිගරැට් තොගයක් ගෙනා දෙදෙනෙක් රේගු දැලේ

  👤  2746 readers have read this article !
By mawbima 2018-10-22

කටුනායක -ගයාන් තිරිමාදුර

දුම්වැටි තොගයක් ඩුබායි සිට නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ මෙරට ව්‍යාපාරික කාන්තාවක සහ පිරිමියකු ඊයේ (21දා) උදෑසන කටුනායක ගුවන්තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවැසීය.

පිරිමි ව්‍යාපාරිකයා 32 හැවිරිදි නාත්තණ්ඩිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර, ව්‍යාපාරික කාන්තාව 52 හැවිරිදි හෙට්ටිපොළ ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

ඔවුන් දෙදෙනා ඊයේ (21දා) උදෑසන ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති "හරිත මාවත" ඔස්සේ ගුවන්තොටුපළෙන් පිටව යමින් සිටියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් දෙදෙනා විසින් රැගෙන ආ ගමන් මලු දෙකක් තුළ රුපියල් 19,50,000ක් වටිනා මෙම විදේශීය නිෂ්පාදිත දුම්වැටි 39,000ක් අඩංගු දුම්වැටි කාටුන් 195ක් සඟවා ගෙන සිටි බව රේගුව පවසයි.

මෙම අත්අඩංගුවට ගැනීම සඳහා මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ස්ටැන්ලි සේනාරත්න මහතාගේ උපදෙස් මත කටුනායක ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂ එම්.ඒ. කරුණරත්න මහතාගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය අධ්‍යක්ෂ එන්.ඩී.කේ. සෙනෙවිරත්න බණ්ඩාර, රේගු අධිකාරි ඩී.ඩබ්ලිව්. කේ. විජේතුංග, සහකාර රේගු අධිකාරිවරුන් වන ධනුෂ්ක ධර්මතිලක සහ බුද්ධි බණ්ඩාර යන මහත්වරු සිදු කරති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon