මාලිගාවත්ත ජුම්මා මස්ජිඩ් පාරේ ගිය පුද්ගලයකුට යතුරුපැදියකින් ආ දෙදෙනකු වෙඩි තියලා

  👤  2778 readers have read this article !
By mawbima 2018-10-22

කොළඹ -එම්. සී. පෙරේරා

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු මාලිගාවත්ත ජුම්මා මස්ජිඩ් පාරේ ගමන් කරමින් සිටි පුද්ගලයකුට වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලත් පුද්ගලයා රෝහල් ගත කර තිබේ.
මාලිගාවත්තේ පදිංචිව සිටි මොහොමඩ් නිෂාම්ඩින් මොහොමඩ් අද්මින් නමැති අයකු මෙලෙස බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇත.

මිතුරන් දෙදෙනකු සමඟ ඔහු 20දා සවස වෙළෙඳසලකට ගොස් දුම්වැටියක් මිලදී ගෙන ජුම්මා මස්ජිඩ් පාරේ පැමිණෙමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු වෙඩි ප්‍රහාර එල්ල කර පලාගොස් තිබිණි.
තුවාල ලත් තැනැත්තාගේ උණ්ඩ 6ක් කොන්ද දෙසින් ඇතුළු වී උදරය දෙසින් පිට වී තිබූ බව පොලිසිය කියයි.

තුවාලකරුගේ මස්සිනා මත්කුඩු ජාවරම්කරුවකු බවත් එම ජාවාරමට මෙම පුද්ගලයාද හවුල් වී සිටින්නකු බවත් පොලිසිය කියයි.

පාතාල නායක මාකඳුරේ මධුෂ් නමැත්තා සමඟ ඩුබායි හි සැඟවී සිටින මාලිගාවත්තේ කන්ජි පානි නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ගෝලයන් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට පොලිසිය සිදුකළ මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇත.

මෙම වෙඩි තැබීම පිළිබඳව අසල පිහිටි සී.සී.ටී.වී. කැමරාවේ සටහන්ව ඇතැයි පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවැසීය. තුවාල ලද පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
මාලිගාවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී.එන්. ඒකනායක මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ප්‍රභාත් ගුණරත්න මහතා පරීක්ෂණ පවත්වයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon