ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත අනුව නිල වෘත්තීය සමිති ත්‍රස්තවාදී සංවිධාන ලෙස නිර්වචනය කිරීමට නීත්‍යනුකූල අවසර ලැබෙනවා - රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

  👤  2851 readers have read this article !
By mawbima 2018-10-22

ජේ.ටී. ද සිල්වා

ත්‍රස්තවාදය වැළැක්වීමේ නව පනත් කෙටුම්පතට අනුව නිල වෘත්තීය සමිති ත්‍රස්තවාදී සංවිධාන ලෙස නිර්වචනය කිරීමට නීත්‍යනුකූල අවසරයක් හිමිවනු ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු ඇඟවීමක් කරයි.

වෘත්තීය සමිති ත්‍රස්තවාදී සංවිධාන ලෙස හඳුන්වන මෙම පනත සාධාරණීකරණය කිරීමට විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය නියෝජනය කරමින් පාක්‍යසෝති සරවනමුත්තු එළිබැස ඇතැයි එම සංගමය චෝදනා කරයි.


විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය යනු කවරාකාරයේ ආයතනයක්ද යන්නත් ඔහුගේ ලියාපදිංචිය, මූල්‍ය හා අනෙකුත් ආධාර ලබන ක්‍රමවේදය, තානාපති කාර්යාල සමඟ පවත්වන සම්බන්ධතා, එහි තනතුරුලාභීන්ගේ පසුබිම රටට හෙළි කරන ලෙස ජනාධිපතිතුමා ඇතුළු බලධාරීන්ගෙන් ඉල්ලා සිටීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කළ බව එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පැවැසීය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon