ජාත්‍යන්තර බොරතෙල් මිල ඉහළ ගියත් ජනතාවට බර පැටවෙන ගෑස් මිල වැඩි කරන්න දෙන්නේ නෑ - කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන්

  👤  2723 readers have read this article !
By mawbima 2018-10-22

උපතිස්ස පෙරේරා

ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් මිල අඛණ්ඩව ඉහළ ගියද, රටේ ජනතාවට බර පටවමින් තවදුරටත් ගෑස් මිල වැඩි කිරීමට ඉඩදිය නොහැකි බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අවධාරණය කරයි.

ලිට්රෝ ගෑස් සමාගමේ නිලධාරීන් පිරිසක් හා පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් පිරිසක් එම අමාත්‍යාංශයේදී හමුවූ අවස්ථාවේ අමාත්‍යවරයා එලෙස සඳහන් කළේ, අඛණ්ඩව ඩීසල් මිල ඉහළ යෑම නිසා දැරීමට සිදුවන අධික ගෑස් ප්‍රවාහන ගාස්තුවට සාපේක්ෂව ගෑස් මිල සංශෝධනය කරන ලෙස ගෑස් සැපයුම්කරුවන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමිනි.

දැනට මෙරට ක්‍රියාත්මක වන ගෑස් සැපයුම්කාර සමාගම් දෙක පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නියම කරන ලද මිල ක්‍රමවේදය අනුගමනය කළ යුතු බවත් එම මිල ඉක්මවා ගෑස් අලෙවි නොකිරීමට ඔවුන් බැඳී සිටින බැවින් පාරිභෝගික අධිකාරියේ අවසරයකින් තොරව ගෑස් මිලෙහි වෙනසක් කළ නොහැකි බවද අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය. නැවතත් ගෑස් මිල වැඩි කිරීමෙන් පාරිභෝගික ජනතාවට අසාධාරණයක් සිදු වීමට ඉඩ දිය නොහැකි බවද හෙතෙම අවධාරණය කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon