ජ පුර ආදි විශිෂ්ටයන් ඇගයෙන සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන්

  👤  2797 readers have read this article !
By mawbima 2018-10-22

පහන් විජේසේකර

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථ විශිෂ්ටයන් ඇගයෙන 'ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදීප _ 2018' සම්මාන උළෙල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (17දා) පස්වරුවේ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්විණි. සාහිත්‍ය කලා සහ සන්නිවේදන යන ක්ෂේත්‍රවලින් විශිෂ්ටතා දැක්වූවන් මෙවර ඇගයීමට ලක් වූ අතර මහාචාර්ය පාතේගම ඤාණිස්සර හිමිපාණන් වහන්සේ ඇතුළු ගිහි පැවිදි ආදි විද්‍යාර්ථිහු 40 දෙනෙක් ජනාධිපතිවරයා අතින් ගෞරව සම්මාන ලැබූහ. තෙවැනි වරටත් පැවැති මෙම සම්මාන උළෙල ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථින්ගේ සංගමය විසින් සංවිධානය කර තිබිණි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග, සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න, එම විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථින්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්.කේ.එම්. වෑගපිටිය, ජාතික සංවිධායක රංජිත් ඉද්දමල්ගොඩ, පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන, ප්‍රවීණ රංගධර සිරිල් වික්‍රමගේ යන මහත්වරු ඇතුළු ආදි විද්‍යාර්ථිහු රැසක් ඊට එක්ව සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon