ශ්‍රී ලංකාවේ සෑම වසරකම සිදුවන වෘත්තීය අනතුරු හේතුවෙන් වැඩ කරන මිනිස් දින ලක්ෂ 5ක් අපතේ යනවා - ඇමැති රවීන්ද්‍ර සමරවීර

  👤  2765 readers have read this article !
By mawbima 2018-10-22

ආරියරත්න ගනේගොඩ

ශ්‍රී ලංකාවේ සෑම වසරකම සිදුවන වෘත්තීය අනතුරු හේතුවෙන් වැඩකරන මිනිස් දින ලක්ෂ 5ක් පමණ අපතේ යන අතර මෙය මූල්‍යමය වශයෙන් ගණන් බැලීමේදී විශාල අගයක් ගන්නා බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා ඇමැති රවීන්ද්‍ර සමරවීර මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කොළඹ විජේරාම මාවතේ පිහිටි සව්සිරිපාය ශ්‍රවණාගාරයේ පැවැති වෘත්තීය සුරක්ෂිත හා සෞඛ්‍ය සම්බන්ධ ජාතික වැඩසටහනට එක් වෙමිනි.

ඇමැති රවීන්ද්‍ර සමරවීර මහතා මෙසේද කීය. සෑම වසරකම කම්කරු දෙපාර්තමේන්තුවට මරණීය අනතුරු 80ක් පමණ වාර්තා වෙනවා. ඉන් 20ක් පමණ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ බොහෝ වැඩබිම්වල ඉදිරිපිට සේෆ්ටි ෆස්ට් (ඉචටඥබර ජ්ඪපඵබ) යනුවෙන් ප්‍රචාරක පුවරුවක් ඉදිරියේ තබා තිබුණද වැඩබිම තුළ සේවකයන්ට ආරක්ෂක හිස් වැසුමක් පවා එම ආයතන සපයා නැති බව ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ වාර්තාවලට අනුව වෘත්තීය අනතුරු හා වාත්තීය රෝග නිසා සෑම රටකම සිය දළ ජාතික නිෂ්පාදනයෙන් 4%කට හානි වේ. වෘත්තීය අනතුරු බහුලව සිදුවන්නේ ඉහළ ස්ථානවල වැඩ කරද්දී සුරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය නොකිරීම නිසයි. වැඩ කරන ජනතාවගේ වෘත්තීය සුරක්ෂිතභාව හා සෞඛ්‍ය කෙරෙහි නිසි අවධානයක් යොමු නොකර ආර්ථික ඵලදායීිතාව උපරිම මට්ටමකට ළඟාකර ගත නොහැකිය.

වෘත්තීය රෝග හා වෘත්තීය අනතුරුවලින් සිදුවන හානි නිසා සේවක, සේව්‍ය රාජ්‍ය සියලුම පාර්ශ්වයන්ට විශාල පාඩුවක් සිදුවේ. මෙහිදී සේවකයාට සිදුවන හානිය ඉතා විශාල වේ. රටේ බොහෝ ආයතනවල දැන් ඉතා සෙමින් සංගීතයක් අසන්නට කටයුතු සලස්වා තිබෙනවා.

ඒ සේවකයන්ගේ මානසික සුවය සඳහායි. සේවකයා තුළ ආතතිය ඇතිවුවහොත් එය ආයතනයේ ඵලදායීතාවට බලපානවා.

ආතතිය කියන එක ඉකුත් කාලයේ මැතිවරණ දෙපාර්තමේන්තුව පැත්තෙනුත් ඇසෙන්නට ලැබුණා. ආතතිය මැතිවරණ කොමසාරිස්ලාටත් වැලඳුණා. ඒ නිසා සේවකයාගේ ශරීර සෞඛ්‍ය වගේම මානසික සෞඛ්‍යත් නිරෝගීව තිබීම වැදගත් වෙනවා.

කර්මාන්තශාලා ආඥාපනතට අනුව නව රෙගුලාසි පහක් නුදුරු අනාගතයේදීම සම්මත කිරීමට කටයුතු කර තිබෙනවා. වෘත්තීය සුරක්ෂිතතාව හා සෞඛ්‍ය සුබසාධනය පිළිබඳ පනතක්ද සම්මත කර ගැනීමට කටයුතු යොදා තිබෙනවා. අනතුරු, ලෙඩ රෝග වැළැක්වීමේ සංස්කෘතියක් ඇති කිරීමට සේවක සහ සේව්‍ය යන දෙපාර්ශ්වයම උනන්දු කිරීම හා ජනතාව දැනුවත් කිරීම ජාතික වෘත්තීය සුරක්ෂිතතා සෞඛ්‍ය සතියේ අරමුණ වෙනවා යැයි ඇමැති රවීන්ද්‍ර සමරවීර මහතා පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon