ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානි අත්අඩංගුවට ගන්න පුළුවන්

  👤  2697 readers have read this article !
By mawbima 2018-10-21

අමිල අබේරත්න

2008 වසරේ අගෝස්තු-සැප්තැම්බර් අතර කාලසීමාව තුළදී තරුණයන් 11 දෙනකු කප්පම් ගැනීම සඳහා පැහැරගෙන ගොස් ඝාතනය කළා යැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරයකු වූ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අයට රැකවරණය දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් කරුණු තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙරේදා (19දා) ප්‍රකාශ කර සිටියේය.

චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අයට රැකවරණය දීම, ආරක්ෂාව දීම සම්බන්ධයෙන් සැකකරුවකු වශයෙන් අත්අඩංගුවට ගන්නට සිටින පුද්ගලයකුට ආධාර අනුබලදීමේ චෝදනාව යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවරා ඇති නඩුව යළි කැඳවූ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් අධිකරණයේ පෙනී සිටි සිද්ධියේ ප්‍රධාන විමර්ශන නිලධාරියා වන පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා එලෙස ප්‍රකාශ කර සිටියේය.

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ නඩුව කැඳවනු ලැබිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon