කිරින්ද මුස්ලිම් විදුහලට බස් රථයක්

  👤  2644 readers have read this article !
By mawbima 2018-10-21

හම්බන්තොට දිස්ත්‍රික්කයේ කිරින්ද මුස්ලිම් මහා විද්‍යාලයට රුපියල් ලක්‍ෂ 38ක් පමණ වටිනා නව බස් රථයක් ප්‍රදානය කිරීම නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින් ඉකුත් සතියේදී සිදුවිය. මෙය හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසල් සඳහා බස්රථ ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ ලබා දුන් 18 වැනි බස් රථයයි.

බස් රථය මිලදී ගැනීම සඳහා අමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි මුදල් පරිත්‍යාග කරන ලද්දේ පෞද්ගලික දානපතීන් පිරිසක් විසිනි. මෙම අවස්ථාවට දකුණු පළාත් සභා මන්ත්‍රි නිමල් ලාල් චන්ද්‍ර පුංචිහේවා, කිරින්ද මුස්ලිම් මහා විද්‍යාලයේ විදුහල්පති එන්.පී. අලව්දීන් යන මහත්වරුන්ද, ගුරු දෙගුරුන්, ශිෂ්‍ය - ශිෂ්‍යාවන් ඇතුළු විශාල පිරිසක්ද සහභාගි වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon