ලේඛිකා සුනීතා අරලිකාර් 22දා ශ්‍රී ලංකාවේදී හමුවන්න

  👤  1600 readers have read this article !
By mawbima 2018-10-19

ඉන්දියානු ජාතික ලේඛිකාවක වන සුනීතා අරලිකාර් ඒ නඥබචත ටපධථ බඩඥ ඤඥඵඥපබ ටතධඹඥපඪදඨ චඨචඪද නමින් තම ජීවිත කතාව මරාති බසින් ලියූ අතර පසුව එය ඉංගී්‍රසියට පරිවර්තනය විය.

දැන් එම කෘතිය අනුල ද සිල්වා "දූවිලි මල" නමින් සිංහලට නඟා ඔක්තෝබර් 22 වැනිදා සඳුදා සවස 3.00ට කොළඹ මහජන පුස්තකාලයේ ජනගත වෙයි. මෙම උත්සවයට මේ ලේඛිකාවද පැමිණීමට නියමිතව ඇති අතර අනුල ද සිල්වා තම රසික රසිකාවියන්ට එහි පැමිණෙන මෙන් විවෘත ආරාධනාවක් කරන්නීය.

සුනීතා ඉපදී දින පහළොවේදී මව මියයෑමත් සමඟ පියා විසින් සිඟිති දියණිය වළදමන ලදුව ඇගේ සීයා ඇය වළෙන් ගොඩ ගනිද්දී නිරුපද්‍රිතව සිට ඇති බැවින් ජීවත්වීමට වාසනාව ලැබිණි.

කුල ක්‍රමයත් දිළිඳුකමත් නිසා පසුව ඒ වෙනුවෙන් සටන් වදින ඇය දරුවන් හා සැමියා සමඟ සිරගතවෙයි. අෑ පොත ලියන්නේ මෙසේ සිරගතව සිටියදීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon